Monday, September 18, 2017

කනත්තේ ගෙදර

මේකත් හරිම අමුතු කතාවක්. වචන ගලප්පල දෙන්නේ. කතාවේ තියන ගෙදර මේ ෆොටො එකේ ගෙදර කියලා හිතාගන්න..

ඔන්න අපි දවසක් ට්‍රිප් එකක් යන්න දාගත්තා. ට්‍රිප් එක යන්න දාගත්තේ අගහරුවාදා දවසක්.. ඊට කලින් දවසේ මං තව හාදයෙක් එක්ක ගියා ට්‍රිප් එකේ සල්ලි එකතු කරන්න. අපි කොල්ලෝ 6 දෙනයි තව පොඩි උන් 2 නෙකුයි ට්‍රිප් එක යන්න ඉන්නේ... සේරෝගෙන්ම සල්ලි එකතු කරේ මං.. කොහොම හරි ඔක්කොම උන්ගෙන් එදා හවස් වෙද්දී සල්ලි එකතු කරගත්තා... අරුන් කිව්වා "තෝ යටිමඩි ගහන හින්දා වියදම් වෙන ඒවා කොලේක ලියලා අපිටත් පෙන්නන්න කියලා..." 
"අපෝ මොකුද්ද මන්දා......" මං හවස ගියා තව හාදයෙක් එක්ක චමින්ද වයින් ඉස්ට්‍රෝස් එකට. ගත්තා සිංහයා ලකුණ තියන ඉස්ට්‍රෝන් බියර් බෝතල් 6.. අර පොඩි පක්කුන්ට ඕන්නෑ.  ඕකුන් තාම ඉස්කෝලේ යනවා.. මොන බියර් ද .. නොක්ටෝ දෙකක් අරන් දෙනවා උන්ට..

බඩුත් අරගෙන සීඩී කඩේට ගියා මියුසිකල් ශෝ දෙකක් ගන්න. සීදුව බ්‍රාවෝ එකයි ෆෑලෑශ් බෑක් එකයි ඕල් රයිට් එකයි තුනක්ම ගත්තා... කොහොමහරි ඉතින් ඔක්කොම රෙඩි කරගත්තා ගමනට. පාන්දර 3ට යන්න දාගත්තේ.. 

වෙලාව 3.30

"හරේ නැගපලා... පොඩි ඈවු දෙන්නා පල ඉස්සරහට.." උන් දෙන්නත් පටවගෙන අපි 8 දෙනා වෑන් එකෙන් ඔන්න ට්‍රිප් එක යන්න දාගත්තා... පොඩ්ඩක් දැහැමි පොරකුත් ගියා උගේ නම තිලකසිරි.. පොර ගියේ ඩ්‍රයිවර් එක්ක ඉස්සරහා සීට් එකේ... අර ඇම්බැටට පොඩි එකා වාහනේ සෙටප් එකේ රිම්මෝට් එක ගත්ත ගමන් දැම්මා කයිසරයගේ රෑප් එකක් සබ්බූෆර් එකේ බේස් වැඩි කරලා... "බුදුඅම්මෝ" තිලකසිරි අයිය බය වෙලා උඩ ගියා.. මල පැනලා දැම්මා බැති ගී පීස් එකක්... 

"අහපියව් මේවා නැග්ග ගමන් කුනුහබ්බ අහන්නැතුව."

ඔන්න අපි අරේ මෙහේ ඇවිදලා දවල් වෙද්දී ආවා රාවණා ඇල්ල ලගට.. අපි ගෙනාවා සොසේජසුයි කුකුල් මසුයි.. වාහනේ ඩිකියෙන් ගෑස් සිලින්ඩයෙයි අර බාබකියු දාන ලිපයි බාලා සෙට් උනේ බයිට් එක හදන්න...  "හරේ... පට්ට බාබකියු පාර සුපිරියට එනවා..." අපි දැන් රෙඩි වෙලා ඉන්නේ මත් රකුසෝ බවට පත් වෙන්න. බඩු මදි වෙයි කියලා බයට මං තව ගල් බෝතලයකුත් දාගත්තා....... එක පාරටම අර පොඩි එකෙක් කිව්වා අන්න "අර ඇල්ල උඩ සුදු ඇදගත්ත ගෑනියෙක් නානවා වගේ දැක්කා කියලා..." සෙනිකව බැලුවට අපිට පෙනුනේ නෑ.... "පල යකෝ බොරු නොකිය. උබට නෙක්ටෝ එකට වැදුනද කියලා" පොඩි එකා ඒත් කිව්වා "මං චායාවක් වගේ දැක්කා කියලා...." අපි ගණන් ගන්නැතුව වැඩේට සෙට් උනා...

කාලා බීලා නාලා සින්දු කියලා ජවුසම් නටලා ඉවර වෙනකොට හවස 6 විතර වෙලා..... කාටවත් හොදටම වෙරි නෑ. සාමාන්‍ය ගානට බඩු.. පොඩි උන් දෙන්නට පියනකින් බියර් සොට් එකක් දුන්නා පව් හින්දා... ඒක ගහලා උන් දෙන්නටම වැදිලද කොහෙද නිදි...  " 

"නැගිට්පන් යකෝ යමල්ලා නිදාගන්න කාමරයක් හොයන්න..."

ඔක්කොම උන් වාහනය පටවලා දැම්මා නිකන් මීහරක් පටවන්න වගේ. දැම්මා ඕල් ලයිට් සීඩී එක.. දැන් ඔක්කොටම ෆන්... අපි වාහනේ යන පාර ටිකක් පට්ට කලුවරයි.. තනි වංගු පාර ටිකක් දුර ගියාම තිලකසිරි අයියට චූ බරයි. වාහනේ පාර අයිනෙන් නැවැත්තුවා... ඒ විනාඩියට ඔක්කොටම බර හැදුනා..... ඊට පස්සේ ඔක්කොම  උන් බැස්සා චූ දාන්න.. ඒ පැත්ත ටික ටිකක් අදුරුයි. පාරේ වාහන යන්නේත් නෑ.. ටිකක් මීදුම. වෙලාව 7.40 විතර වෙලා... හරි නැගපල්ලා යමන් ඉක්මනට ටවුන් එකකට "ඇගට පට්ට ආමාරුයි යකෝ නිදාගන්න ඕන" දේශප්ප්‍රිය කිව්වා... 

"හත්තිලව්වයි බැහැපියව් යකෝ ඔක්කොම.... බැහැපියව් ... මේ.."

පිටිපස්සේ ටයර් දෙකේම පැච්.. "කෙලියා තාප්පෙට දැන් මොකෝ කරන්නේ..." තිලකසිරි අයියා ඇහුවා 

 "ගනින් අර ස්පෙයා වීල් එක..." මං කිව්වා.. 

"ඈ යකෝ එක වීල එකයි නේහ් තියෙන්නේ.."ඩයිවර් අයියා කිව්වා
 "
මේකේ ටයර් දේකේම හිල්... බලාපන්කෝ.......""

දැන් මොකද්ද කරන්නේ වාහනක් එකනකන් ඉමු උදව්වක් ඉල්ලගන්න. ඔක්කොම උන් සරණාගතයෝ වගේ පාර අයිනේ වාඩි වෙලා ඉන්නවා වාහනයක් එනකන්.. අර පොඩි උන් දෙන්නගේ වෙරි බැහැලෑ... "නෙදකු මේ පොඩි උන් හැත්ත මක්කට එක්කන් ආවද මන්දා" මං  කිව්වා..

වෙලාව 8.15 තාම මේ පාරෙන් එක වාහන ලබ්බක් වත් ගියේ නෑනේ.. "ශික් විතරක්... "ඒ තිලකසිරියෝ මොකද දැන් කරන්නේ..." මොනව කරන්නද එක්කෝ වාහනේ නිදාගමු ඔක්කොම උන්... 
" උබට පිස්සුද යකෝ මේ පැත්තේ අලි හොරු ඇති ඇදන් ඉන්න ජොකත් උස්සන් යාවි.." 

දොරවල් ලොක් කරන් කොහොමද යකෝ ඉන්නේ අපි.. අනික මදුරු හැතිකරේ... මේහ්හ්හ්.... ""චටාං.."" මදුවෙක්ට ගහලම පෙන්නුවා.. 

    "ලග පාත ගෙයක් වත් තිබුනා නන්.. " නේහ්..

බලාපල්ලා බලාපල්ලා ගෙයක් තියනවද?? මුන් ලබ්බෝ දෙන්නා තාර පාරෙත් නිදි
"නැගිටපියව් යකෝ" 

පොඩි උන් දෙන්නට හයියෙන්ම කිව්වා... හරි මචං මෙන්න ගෙයක්.. අපි ඉන්න තැනට ටිකක් පිටිපස්සට වෙන්නේ පාරේ වම් පැත්තෙම... 
"ඒ මේක නන මොකෙක්වත් ඉදලා නෑ වගේ බලපන්කෝ මූසල පාටයි.." දේශප්‍රිය කිව්වා 

"ඒ මල්ලිලා අපිට මේක වාහනේ එද්දී දැක්කේ නෑනේ..." තිලකසිරි අයිය කිව්වා.

"කොහෙ දකින්නද යකෝ උබ චූ බරේ නේහ් ආවේ..." හරි හරි අපි යමන් ගිහින් ඒ ගෙදර ප්‍රෙමන්ට් එකේ හරි නිදාගෙන උදේට බලමු වෙන දෙයක්... 
"බය නැද්ද" පොඩි උන් දෙන්නා ඇහුවා... "මොකටද යකෝ බයවෙන්නේ.. මෙන්න බඩු රොක්ලන්ඩ් ගල් අරක්කු" මේවා දාගත්තානන් යක්කු නතින් කොල්ලෝව්ව්.....

අනික මොකෝ බං බය වෙන්නේ අපි 8ක් ඉන්නවනේ.. එක පරයෙක්ටවත් බය වෙන්න දෙයක් නෑ....

 "හරි කොල්ලනේ ලෙට්ස් ගෝ.. " දවල් බතුයි එලෝලුයි ඉතුරු උනා නේහ්.. "අම්මාහ් ඔය ඇති." අපි ඔක්කොම වාහනේ දොරවල් ලොක් කරලා අර ගෙදරට ගියා..

"ආපෝ මේ ලබ්බ අතු ගාලා නෑ සතියකින් විතර" 
"ඒකට මොකෝ බං. ගනින් අර පැදුරයි බොතලෙයි ඩොල්කියයි... හෝව් හෝව්.......... ගනින් අර දඩයමේ ගෙනියන ටෝච් එකත්..."

හරි ඔක්කොම උන් එලාගෙන ලාවට ශොට් එක එක ගත්තා.. ---"ඒ ඔක්කොම විනාස කොරන්න එපා හෙටත් තියපන් හොදේ"
*සූඌඌඌඌඌඌඌඌඌ

"මෙන්න මගුල වහිනවා බං. මේ වහලේ හිල් නේහ්.." මොකාක් හරි මගුලක්.. අද මොන නැකතේ එලියට බැස්සද මන්දා.... ශික්"

"අඩෝ මේහ්.... මෙන්න මේ දොරේ ඉබ්බා ලොක් කරලා නෑ.. නිකන් තියන්නේ..." 

හ්ම්ම්ම්.. "ඒ යමන් ඇතුලට නේහ් ඔක්කොම මෙතන හිටියොත් තෙමෙනවා.." මම කිව්වා
"බයවෙන්න එපා හත්වලාමේ අපි 8ක් ඉන්නවා.. මොකෝ අපි නිදන් හාරන්න නෙවෙයි නේහ් ආවේ.  නිදාගෙන උදේට යන්න නේහ්..."" තිලකසිරි අයියා කිව්වා.... "මේ බලාපන්කෝ එලිය තරම් කුණු රොඩු නෑ ඇතුලේ පොඩ්ඩක් මකුණු දැල් විතයි.." හැබැයි සිමින්ති දාලා නෑ. කොන්ක්‍රීට් දාලා විතරයි. කපරාරු කරලත් නෑනේ.. ඒ උනාට ගේ නන් විසාලයි... " සිමින්ති කොන්ක්‍රීට් කරන්නද මිනිහෝ යමන් ඇතුලට තෙමෙනවා" හරි හරි බ්‍රෝස් යමන් යමන් එහෙනන්... 

"ඒ අපි ඔක්කොම ගෲප් එකක් වශයෙන් ඉමු හොදේ චාමර කිව්වා.. "ඇයි බයයිද උබ."මං ඇහුවා ආතල් එකට... 
"ඒ බං මේක පිටින් පේනවට වඩා මහ විසාල ගෙදරක් නේහ්.. ඈහ්... ඒ ඒ පොඩ්ඩක් ටෝච් අල්ලපන් අතනට.. අර ඔරලෝසු බට්ටා වැඩ තාම... මේක පරණ ගෙයක් උනාට එච්චර පරණ නෑ.. මං හිතන්නේ දාලා තියෙන්නේ කලු පූසා එවරෙඩි බැටරි.* එකපාරටම" ඤාව්ව්ව්ව්" ගාලා සද්දයක් ආවා.. හත්තිලවලාමේ %&@# තිලකසිරි අයියා උඩ ගියා බය වෙලා.. අපිත් බය උනා.. වහලේ පොල් ලීයක් උඩින් කලුම කලු පුසෙක් පැන්නා බිමට... ඌව එලවලා දැම්මා... 

" බුදු අම්මෝ තා පොඩ්ඩෙන් පණ යනවා" හති ගහ ගහ තිලකසිරි අයියා කිව්වේ.. පොඩි උන් දෙන්නා ගූ බය වෙලා.. උන් විතරක් නෙවෙයි අපිත් හොදටෝම බය උනා...

ඒ මචං සිගෙක් තියනවා ගිනි පෙට්ටියක් නැද්ද උබලා ලග... "මොන ගිනිපෙට්ටිද බං. තා පොඩ්ඩෙන් මට පෙට්ටියක් හදාගන්න වෙන්නේ.."කියලා රුවනා කිව්වා... මේ වරෙන්කෝ ටෝච් එකත් අරගෙන මේ ගෙදර කුස්සියට යන්න. මේක මේ සතියක් විතර වහලා දාපු ගෙදරක් වගේ.. සමහරවිට ගිනි පෙට්ටියක් කුස්සියේ නැති වෙන්න විදියක් නෑ... 

බය වෙන්න එපා යකෝ පුරුශ ශක්තිය අරන් වරෙන් උබ අර කලනිට ලියුම් ගිහින් දෙනවා වගේ..... හාහ්හ්.. 
"නෙදකු මෙන්න මෙහෙ යමන්. ඔය ටෝච් එක අල්ලපන් සර්පයෝ ඉන්නවද දන්නෑ.. හා හා යමන්..... දැන් අපි දෙන්නා අවුලක් නැතුව කුස්සියට ආවා.. "අම්මෝ මේ වහලේ තියන මකුණුදැල් ගොඩ.."

"මකුණුදැල් නෙවෙයි මිනිහෝ අල්ලපන් ටෝච් එක අර ලිප ලගට" මං කිව්වා දේශප්‍රියට.. "අඩෝ මෙන්න කට බැදපු හට්ටි වගයක්. බලපන් අච්චාරු ද කියලා." නෑ බ්‍රෝස් අච්චාරු නෙවෙයි මාලු ඇඹුල් තියල්. 
    "අඩෝ ඇඹුල් තියල් ටික නන් හොදයි වගේ. මේහ්... " දේශප්‍රිය කාලා බලලම කිව්වා ඔව් නේද බං.. මේ ටික ගෙනියමු අපි.. මේ අරුන් ඉන්නවද දන්නෑ යමන් සාලේට ඕකත් අරන්.... "ඔය ඇති යකෝ ඕක කෑවා.. යමන්"

මේහ් කටේ තියන මාලු එලියට දාපන් යකෝ....ඉක්මනට" මං කිව්වා.. "තූඌඌඌ" ඇයි යකෝ....දේශප්‍රිය ඇහුවා.. "මේ බලාපන්. අම්මෝ මහා පණුවෝ ගොඩක්... "ගනින් අර හට්ටිය"" අඩෝ මෙන්න මචෝ... ටහුකන්ඩ පණුවෝ විතරයි. කෝ මේකේ තිබුන මාලු ඇඹුල් තියල්.....

"මචං මට හිතෙන්නෙ නන් මොකක් හරි අපි හිතන්නැති දෙයක් මේ ගෙදර සිද්ද වෙනවා."" "ගනින් ඔය මාලු හට්ටිය පස්ස නොබලා දුවලා යමන් අරුන්ටත් පෙන්නන්න. 

අපි ඉතිපිසෝ ගාතාව කිය කිය දිව්වා. අරුන් ලගට. 

අපි යනකොට අරුන් ටික ඇලට් එකක් දාගෙන ඉන්නවා

ඒ ඒ තිලකසිරි අයියේ... නැගිටපියව් හත්වලාමේ.. අපිට උන දේ අහපන් කියලා අපි ඔක්කොම කිව්වා අපිට වෙච්ච දේ.. උන්ටත් හරි අමුතුයි ඒ කතාව අහලා... "මේක අර පොඩි උන් දෙන්නට ඇහෙන්න කියන්න එපා උන් දෙන්නට නිදාගන්න දීපන්. නැත්තන් මීහරක් දෙන්න වගේ කුලප්පු වෙයි"

ඒ මට හිතෙන්නේ මේ ගෙදර මොකක් හරි දෙයක් සිද්ද වෙනවා කියලා... "ඒ කිව්වේ" තිලකසිරි අයියා කිව්වා... ඒත් එක්කම ටාං ටාං ටාං ටාං ඔක්කම උන් තව බය උනා.... ඔරලෝසුවේ බට්ටා වැදුනා. 
___________
වෙලාව රෑ.9.30. "ශික් ලබ්බ ගිනි පෙට්ටියක් නෑනේ.." මොන ගිනි පෙට්ටිද යකෝ මෙන්න මෙහෙන් ඇවිත් නිදාගනින් ඔය ලාම්පුව නිමලා...

"ඒ මචන් දේශප්‍රිය මෙන්න අඩෝ ගිනි කූරු ටිකක්. හැබැයි ටිකක් පෙගිලා. මෙන්න බිම."  අම්මෝ දෙයියෝ දැක්කා වගේ දේශප්‍රිය කිව්වා... පොඩ්ඩක් ඉදපන් මගේ පර්ස් එකේ ගිනි පෙට්ටි කෑල්ලක් තියාගෙන ඉන්නවා "අඩෝ උබ නන් දෙයියෙක් නෙවෙයි දේවාලයක් මේ වගේ වෙලාවකට" හරි නේහ් දැන් උබේ අහේනිය.. 

දේශප්‍රිය සාලේ අයිනේ තිබුන ජනේලයක් ඇරලා ජනෙල් පට්ටම උඩ වාඩි වෙලා දුම දාගෙන මනෝ පාරක් ගහගෙන හිටියා...

මට දැන් ඇහෙනවා ලාවට අඩි සද්දයක් "චර බර චර බර" ඒ තිලකසිරි අයියේ ඇහෙනවද?  
"මොකද්ද" ආ ඒ දේශප්‍රිය වෙන්නැති සිගෙක් ගහන්න ගියා.. ඒත් මට විස්වාස නෑ... ෆෝන් එකෙන් ඉරාජ්ගේ සින්දුවක් දාගෙන ටෝච් එකත් අල්ලගෙන පොඩ්ඩක් මේ ගේ මොනවද තියෙන්නෙ කියලා බලන්න හිතුනා... ගල් අරක්කු පිහිටට බයක් දැනුනේ නෑ.. පොඩ්ඩක් බඩු තියනවා..  මං ගියා කාමරේකට අම්මෝ දූවිලි හැමතැනම " මේ මොකද්ද" කොන්ක්‍රීට් ලෑල්ලක් උඩ පෙට්ටගමක් වගේ.

"අම්මෝ වටින දෙයක්ද දන්නෑ.." කෝ අර දේශප්‍රිය කාරයා... "දේශප්‍රිය දෙශප්‍රිය" මං කතා කලා..

------------
දේශප්‍රිය සැපට දුම දානවා පාර දිහා බලාගෙනම  "චරස් බරස්" සද්දයක් ආවා..  දේශප්‍රිය හැරිලා පිටිපස්සට ටෝච් එක ඇල්ලුවා. මොකුත් නෑ... ආයෙත් ආවා සද්දේ.. ආයේ බැලුවා පිටිපස්ස ඒත් මොකුත් නෑ..* හිමින් උඩ බැලුවා අම්මෝ ලණුවක්... ඒ වෙලාවේ නන් දේශප්‍රිය පොඩ්ඩක් බය උනා.... ටහුඩු දිරච්ච ලනුවක්... 

මොකට බය වෙන්නද මේකට... "චරස් බරස්" ආයේ ඒ සද්දේ දේශප්‍රිය උඩ බැලුවා.... බුදුඅම්මෝ ගෑනියෙක් බෙල්ලවැල දාගෙන.. මස් දියවෙලා පණුවෝ ගහලා

දේශප්‍රිය බය උන පාර කෑගහගෙන අරුන් ටික ඉන්න තැනට පැන්නා.."බුදු අම්මෝ තිලකසිරි අයියේ මේ ගෙදර ගෑනියෙක් බෙල්ලේ වැල දාගෙන" මොනවා.. මේ කලබල වෙන්න එපා... දේශප්‍රිය මේ අහපන්.. පොඩ්ඩක් කලබල නොවී කියපන්...... දේශප්‍රිය උන හැම දේම කිව්වා... ටික වෙලාවයි ගියේ

"බුදු අම්මෝ" කෑගහගෙන මම කෙලගෙන ආවා.... තිලකසිරි අයියේ අර කා.ම
රේ....ට මං ගියා..... "හොව් හොව්" තිලකසිරි අයියා කතාව නැවැත්තුවා.. මේ මචෝ කලබල නොවී කියපන්... 
"තිලකසිරි අයියේ මං අර කාමරේට ගියා ඒකේ පෙට්ටගමක් තිබුනා... මං ඉතින් ලොක් කරලා නැති නිසා ඇරියා.. ඒකේ... එකේ............. මිනිහෙක් කපලා කපලා කෑලි දාලා පණුවෝ ගහලා" කතාව කියලා කට ගන්න උනේ නෑ.. වහලේ පොල් ලී අස්සෙන් බෙල්ල වැලදාගත්ත මලකදන් දෙකක් බිමට වැටුනා.... 

--------==------------
"මල්ලී කවුරුවත් කලබල වෙන්න එපා. අර පොඩි ඈවුන් දෙන්නා ගනින් කරට පස්ස නොබලා වාහනේට දුවපන්" තිලකසිරි අයියා රහසින් කිව්වා  අපි නැගිට්ටගමන් කෙලගෙන දිව්වා 

බුදුඅම්මෝ, මේ මොන ලබ්බක් ද මේ.. 
"යකෝ අපි ඉදලා තියෙන්නේ සොහොන් ගෙයක් ඇතුලෙද" හති දදා වාහනේට දුවන ගමන් මම කිව්වා.... " මේ හැම තැනම මිනී වලවල් අපි මේ දුවන්නේ මිනී වලවල් උඩින්."" අන්න බලපන් අර මේක මේ පරණ සොහොන් පිට්ටනිකන්""""""""" 

ඔක්කොම උන් වාහනේට දාගත්තා පැච් එක පිටින්ම දත කට කාගෙන කාපට් පාරේ ඉස්සරහට ගියා..... 

"අඩෝ චාමර මොකද්ද බං අපිට උනේ අර" "අනේ මන්දා බං" ඒ ඒ ඉස්සරහින් අන්න ලයිට් එකක් දාපු පොඩි ගෙදරක්. ඒ ඒ නවත්තපන්...

"පිස්සුද යකෝ නවත්තන්න මේ අපිට පේන ඔක්කොම දේවල් බොරු.. දැක්කනේ ගෙයක් කියලා සොහොන් ගෙයක හිටියේ..."...
 මේ මං කිව්වට නවත්තපන් මං බැහැලා ගිහින් කතා කරන්නන්. මේ පැච් පිටින් යන්න හොද නෑ රිම් වලට..." නවත්තපන් යකෝ" 

වෙලාව 10.40. හරි මං ගිහින් කතා කරන්නන් ඒ ගෙදරට ගිහින්.... "ටං ටං, මාමේ අපිට පොඩි කරදරයක් උනා"

" මේ මහත්තුරු කොහෙද"

"අපි මේ ට්‍රිප් එකක් ආපු ගමන් වාහනේ පැච් එකක් ගියා. අර අතන පේන ගෙදරට ගියා වහින නිසා.............." කතාව ඔක්කොම කිව්වා ඒ මාමට.. 

"මහත්තයලා පුදුම බේරිල්ලක් බේරිලා තියෙන්නේ.. පේන්නැද්ද ඔය කනත්තක් කියලා"

"නෑ මාමේ අපිට එහෙම නෙවෙයි පෙනුනේ ගෙයක් විදියට"

"හා හා ඒකෙන් කාරියක් නෑ.. අද මෙහේ ඉන්න ඔක්කොමලා මං පිරිත් නූල් බදින්නන් ඔක්කොමලයි අත් වල ආරක්සාවට, ඉතින් ඇතුලට ආවනන්"

අපි ගියා ඒ මාමලයි ගෙදර ඒත් තාම බය ගියේ නෑ අපේ... පිරිත් නූල් ගැන කිව්ව නිසා නන් පොඩි ගැම්මක් තිබුනා. බය නැති උනා...
   අපිට කන්න දීලා රෑ පිරිත් නූලුත් ගැට ගැහුවා... ඒක නිසාද කොහොද හොදටම නින්ද ගියා
---------------------

උදේ ඇහැරුනේ ඔක්කොටම ඉර එලිය මූනට වැටුන නිසා..." හෑ කොහෙද යකෝ අපි ඉන්නේ මේ... නැගිටපියව් ඔක්කොමලා.... කෝ අපි ඊයේ රෑ හිටපු ගෙදර.. කෝ අර මාමා"

උදේ අපි හිටියේ ඔක්කොමලා නිකන් උදලු ගාපු හිස් ඉඩමක බිම... 

"අඩෝ මොනවද බං මේ වෙන අපබ්‍රන්ස. මට හිතා ගන්නත් බෑ." 

"මේ රුවන් අයියේ මේ බලන්නකෝ පොඩි උන් දෙන්නගෙන් එකෙක් කිව්වා..."  ටයර් දෙක අපූර්වට තියනවා කිසිම පැච් එකක් නෑ....

"යකෝ මෙන්න අර පිරිත් නූල් අතේ, ඒ කොහොමද" 

"තිලකසිරි අයියේ කෙලින්ම දැන් ගම් පලාතට යං කොහෙවත් නොයා.. යන ගමන් පන්සකට ගිහින් පඩුරක් දාගෙනම යං"  

"එහෙම කරමු. එල එලස්"
      -සමාප්තයි-

පලිගත් ශ්‍යාමලී

මේ කථාව සත්‍ය සිද්දියක් මූලික කරගෙන මා විසින් සිදු කරන ලද නිර්මානාත්මක කථාවකි.කථාව රසවිද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.මෙය සත්‍ය සිද්දියක් අලලා ලියවුන කතාවක් නිසා මෙහි එන නම්,ගම් සියල්ල සබෑ ඒවා නොවන බව සලකන්න.
"පුතා පුතා නැගිටින්න.දැන් එලිවෙලා.බලන්න ඔහොම නිදා ඉදල හරියනවද.ශෙහාන් අද ඔයාට කරන්න වැඩක් තියෙනව." ශෙහාන් යනු ලන්කාවේ ප්‍රමුක පෙලේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි.පියාගේ මුදල් බලයේ පිහිටෙන් ඔහු ඉතා සෙල්ලක්කාර ජීවිතයක් ගත කරමින් සිටි අතර එම ආකාරයේම මිතුරන් රැසක් ඔහු සමග ඇසුරු කලේ අන් සියල්ලමට වඩා ශෙහාන් සතුව තිබූ ධන බලයටය.ඔවුන් එම බලය භාවිතා කලේ නොහොඹිනා වැඩ වලට පමනක් අතර සිදුවන බොහෝ දේ ඔහුගේ පියා නොදැන සිටියේය.පවුලේ එකම පිරිමි ලමයා ශෙහාන් වූ නිසා ඔහුගේ මව කුමක් දැනගත්තත් පියාගෙන් ඒ බව සගවා සිටියේ එබැවිනි.ශෙහාන්ට බාල සහෝදරියක් සිටින අතර ඇය පෞද්ගලික විශ්වවිද්‍යලයක ඉගෙනුම ලබමින් සිටියාය.සිය දියනිය තමා මෙන්ම උසස් ව්‍යපාරිකයෙකුගේ පුතෙකුට යෝජනා කර ශෙහාන්ගෙ පියාට අවශ්‍ය වූයේ ව්‍යාපාර කටයුතු ශෙහාන්ට පවරා නිදහසේ ඉතිරි කාලය සිය බිරිදත් සමග ගෙවා දැමීමටය.
"ඕකේ ඕකේ ඩෑඩ්" කියමින් ඉතා අපහසුවෙන් ශෙහාන් නැගිට්ටේ සිය පියාට සිතින් බනිමිනි."පුතා ඔයා අද හපුතලේ වත්තට යන්න ඕන.එහේ ෆැක්ටරි එකට අද මැශින් වාගයක් එනව.ඔයා ගිහින් බලලා ඒ වැඩ ටික කරල එන්න.එහෙ මැනේජර් සිල්වට මන් කිවුව ඔයා එවනව කියල.වත්තෙ බන්ගලාව ලෑස්ති කරයි ඔයාට නවතින්න.එහෙනම් පුතා මන් යනව ඔයා එහෙට ගිහින් මට කෝල් එකක් දෙන්න." එසේ කියමින් ශෙහාන්ගෙ පියා කාර්‍යාලය වෙත යෑම සදහා පිටත්ව ගියේය.ශෙහාන්ද ඇදෙන් නැගිට මුලුතැන්ගෙය වෙත ගියේය."බලන්නකො අම්මෙ තාත්ත මට හපුතලේ යන්නලු.එපා වෙනවනෙ." එසේ කියමින් ඔහු තම මව බදාගත්තේ චාටුවටය."පුතේ තාත්ත ඕව කරන්නෙ ඔයාලටනෙ.අපි ඕව තියන් ඉන්නෙ නෑනෙ.කවදහරි මේව ඔයාලගෙ.පොඩි වැඩක්නෙ ගිහින් කරල එන්න."
අවශ්‍ය සියල්ල ලෑස්ති කරගෙන ඔහු තම පියා උපන්දිනයට තෑගි දුන් නව බෙන්ස් රථයට ගොඩ වූ ඔහු හපුතලේ බලා පිටත් වූයේය.මදක් දුර ගියපසු ඔහුගේ දුරකථනය නාද විය."මචන් ක්ලබ් එකට අලුත් කෑල්ලක් බැහැලලු.අද  ගියොත් ඒක සෙට් කරගන්න පුලුවන්". ශෙහාන් සෙල්ලක්කාරයෙක් මෙන්ම සල්ලාලයෙක්ද විය.ඔහු මුදලට දිනපතා කාන්තාවන් ඇසුරු කල අතර ඔහුගේ කඩවසම් රූපයට රැවටුන යුවතියන් ඔහු නිසා අනාථ වූ ගනන කොතරම්දැයි ඔහුවත් නොදනී.නමුත් ඒ කිසිවක් ඔහුට ගනනක් නොවූ අතර එය ඔහුට විනොදයක් විය."අද එන්න විදියක් නෑ බන් මන් වැඩකට පොඩ්ඩක් දුරට යනව බන්.උබල පලයල්ල අද". එසේ කියමින් දුරකථනය තැබූ ඔහු සිය පියාට සිතෙන් බනිමින් හපුතලේ ඔව්න්ගේ තේ වත්ත කරා ලගාවිය.
"අයිසෙ සිල්වා තමුසෙලට බැරිද හලෝ මේ වැඩ තනියෙම කරගන්න.අපේ තාත්ත පින් පඩි දිදී මුන් තියා ඉන්නව.බලපන් මන් මේව බාරගත්ත දවසට උබලට ගහල එලවන්නෙ".කාරය අසලට ශෙහාන්ව පිලිගන්නට ආ සිල්වට ඔහු බැන වැදුනේ කාරයෙන් බසිනවාත් සමගය.ඔහු තම පියාටත් වඩා වැඩිමහල් අයෙකු වුවත් වැඩිහිටියෙකුට ගරුකිරීමට නොදත් ශෙහාන්ට එය ගානක් නොවීය.වැඩ කරන මිනිසුන් ඉදිරියේ    බැනුම් ඇසීමෙන් ඉතා අපහසුතාවයට පත් වූ ඔහු පසෙකට වූයේ රූරා වැටෙන කදුලු හොරෙන් පිසලමිනි.
සවස් වන විට වැඩ අවසන් කර ශෙහාන් බන්ගලාවට යෑම සදහා පිටත් විය.මගදී දර ගෙන යන කාන්තාවන් නිසා මග ටිකක් ඇසිරුනු අතර ඔහු කාරයෙන් බැස එම කාන්තාවන්ට බැන වැදුනේය."යකෝ තොපිට මේ වෙලාවෙම මෙතනින් යන්න ඕන උනාද.පාරෙන් අයින් වෙනියවු".එසේ බනිමින් කාරයට නැගුනු ඔහු පාරේ පැත්තකට වී සිටි කාන්තාවන් දෙස රවා බලමින් කාරය පැදවීය.නමුත් එක් වරම ඔහු මුහුනක් දුටු අතර කාරය නවත්වා කන්නාඩියෙන් ඇය දෙස බලා සිටියේය.සැබැවින්ම ඇය රුවැතිය.දුටු කෙනෙක් ඇය දෙස තවත් වරක් හැරී නොබැලුවනම් එය පුදුමයකි.මදකට කලින් සිදු වූ දෙය නිසා ඈ මදක් තැතිගෙන සිටියාය.ඔහු මද වෙලාවක් බලා සිට සෙමෙන් කාරය ඉදිරියට පැදවීය.බන්ගලාවට පැමින තම කාමරයට ගිය ඔහු ඈ ගැනම කල්පනා කරමින් සිටි අතර "මහත්තයෝ බෑග් එක මෙතනින් තියන්නද".ඒ චුට්ටාගේ කටහඩයි.ඔහු බන්ගලාවේ මුරකරු වන අතර අවුරුදු 56ක පමන විය.ඉතා නපුරු පුද්ගලයෙකු වූ ඔහු ශෙහාන්ට මදක් හිතවත් විය.වත්තේ සියලු දෙනාම ඔහුට බිය වූ අතර නිතර ඔහු අත තිබූ තුවක්කුව නිසා එය දෙගුන තෙගුන විය.
"හා ඔතනින් තියපන්.චුට්ටේ මන් එද්දි කෙල්ලක් දැක්ක බන්.වැඩිය උස මහත නෑ.ලස්සන කෙල්ලක්.සුදුයි මූන පිරිල.මාරම ලස්සනක් ඒකිගෙ තියෙන්නේ බන්." "ආ ඔය පද්මයගෙ දුව.ඒකිගෙ ලස්සනට ගහන්න මේ පැත්තෙ වෙන එකියක් නෑ.උනුන් මේ වත්තෙම තමයි ඉන්නෙ."ශෙහාන්ගේ ඉහේ මලක් පිපුනා වැනිය."මට ඒකි බලන්න ඕන බන්."ශෙහාන් කෙබදු චරිතයක්ද යන්න චූට්ටේ දැන සිටි අතර  ඔහු ඒවාට උදවු කලේ නොකලොත් තමන්ට යනඑනමන් නොමැති වන නිසා පමනක් නොවේ මේ සියල්ලේම අනාගත උරුමක්කරයා  හොදින් තියන් හිටියොත් ඉදිරියට වාසියක් වන නිසාය."හරි බේබි මහත්තය අපි හෙට යමු" එසේ කියමින් ශෙහාන් ගෙනවිත් තිබූ බ්‍රැන්ඩි බෝතලෙන් වීදුරු කිහිපයක් ගෙන ඔහුගේ කාමරයට ගියේය.
පසු දින වත්ත බැලීමට යන මුවාවෙන් ඔවුන් පද්මෙගෙ නිවස දෙසට ගියේය."ආ චුට්ටෙ අයියේ තකහනියක්ම මේ පැත්තෙ" එසේ කියමින් ඔවුනට ඉදගැනීමට ආසන ලබා දුන් අතර "මේ අපේ බේබි මහත්තය නිකන් වත්තෙ ඇවිදින්න ආව.ඒ ගමන් මෙහෙට ගොඩ උනේ.කෝ දුව නැද්ද බන්.වතුර එකක් ගෙන්ත් දියන්කො බොන්න".එසේ කියමින් ඔහු ශෙහාන් දෙස බලා ඇහැක් වැසීය."දුව වතුර එකක් ගේන්න චුට්ටෙ මාමට බොන්න".මද වේලාවකින් ඇය වතුර වීදුරුවක් රැගෙන එලියට පැමිනි අතර ශෙහාන්ව දැක තිගැස්සී නැවතුනේ පෙරදින සිදු වූ දේ සිහිවීමෙනි."මොකද බන් උබ යකෙක් දැක්කද ඕක මෙහට ගෙනෙන්" චුට්ටේ තරමක් සැර උනේය.වතුර වීදුරුව ඔහු අතට දී ඇය වේගයෙන් ගේ තුලට දිව ගියාය.මද වේලාවක් කතා බස් කර සිටි අතර ශෙහාන් ඉදිරියට ඇය නැවත පැමිනියේ නැත.මේ අතර චුට්ටේ තම කපටි මොලෙන් අදහසක් ලබාගත්තේය."පද්මේ බේබි මහත්තයට දියඇල්ල බලන්න යන්න ඕනලු.මගෙ කකුලෙ අමාරුවක් තියෙනව බන් ඔය ගල් උඩ දුවන්න බෑ".එවිට පද්මේ "කමක් නෑ අයියා ඉන්න මන් මහත්තයත් එක්ක ගිහින් එන්නම්".ඔවුන්ගේ සැලසුම ව්‍යර්තවේයැයි ශෙහාන්ට සිතුනේය.ඔහුගේ මුහුනේ ඉරියවුවෙන් එය වටහාගත් චුට්ටේ "උබ ගියාම මන් කතා කර කර ඉන්නෙ උබෙ ගෑනිත් එක්කද".එසේ කියමින් ඔහු මල්ලේ ඇති අරක්කු බෝතලය පද්මෙට පෙන්නුවේය."අයියේ යවන්න කෙනෙක් නෑනෙ"."දුවත් එක්ක යවපන්".පද්මෙ මදක් පසු බෑ අතර එවිට චුට්ටේ "යකෝ බේබිමහත්තය ඔයිට වඩා ඒව දැකල තියෙනව  උබේ දුවව උස්සන් යනකන් නෑ.ඇරත් අපේ මහත්තය නිසයි උබ අද මෙහෙම ඉන්නේ".මදක් අකමැත්තෙන් උවත් කිරීමට කිසිදු දෙයක් නොමැති නිසා තම දියනියට කතා කලේය.ඇය අකමැත්තෙන් උවද පියාගේ ඉල්ලීම අහක නොදැම්මේ චුට්ටේට මෙන්ම ශෙහාන්ටද ඇති බිය නිසාය.
වත්තේ ඇති අඩි පාර දිගේ ඔවුන් ගමන් කලෝය.ශෙහාන් මදක් ඉදිරියෙන් ගමන් කලේ පසුපසින් එන ඇය දෙස හොරෙන් බලමිනි.දිය ඇල්ලට ගිය පසු මුව සෝදා ගලක් මත ඉදගනිමින් ඇයටද කතා කලේය.ඇය අකමැත්තෙන් වුවද එතනට ගියේ ඔහු කිහිප වරක්ම ඇවිටිලි කල නිසාවෙනි."ඔයාගෙ නම මොකක්ද"." ශ්‍යාමලී" ඇය ඉතා සෙමෙන් පැවසීය."ශ්‍යාමලී ඇයි මට බයෙන් වගේ.ඊයෙ උන දේටද?." ඈ සෙමෙන් හිස සැලීය."බය වෙන්න එපා ශ්‍යාමලී එවලෙ මන් ටිකක් කේන්තියෙන් හිටියේ.අපේ තාත්ත හිතන් ඉන්නෙ මන් මෑශිමක් කියල.මට ගෙදර කිසි නිදහක් නෑ.සල්ලි සල්ලි සල්ලි.මාත් ආසයි ජීවිතය විදින්න ඔයාල වගේ.චූටි කාලෙ ඉදන් මට කාගෙවත් ආදරයක් ලැබුනෙ නෑ.මට ජීවිතේ එපා වෙලා තියෙන්නෙ ශ්‍යාමලී".ඔහු බොරුවට කදුලු පිසිමින් එසේ පැවසුවේ ඇයගේ සිත දිනාගැනීමේ අදිටනිනි.මද වේලාවක් රැදී සිට නැවත ඔවුන් ශ්‍යාමලීගේ නිවස වෙත පැමිනියේය.තම බන්ගලාවට පිටත් වීමට ප්‍රතම ඇය හමු වූ ඔහු "මන් හෙට 10 වෙද්දි ඇවිත් අද අපි කතා කර කර හිටපු තැන ඉන්නවා.ඔයා එන්න.මන් බලන් ඉන්නව.නෑවිදින් හිටියට තරහ නෑ ඒත් කවදහරි ඔයා එතනට එනකන් මන් යන්නෙ නෑ."එසේ කියමින් ඇය පිලිතුරක් ලබා දීමට ප්‍රතම ඔහු පිටත්ව ගියේය."වැඩේ කොහොමද බේබි මහත්තය"."අවුලක් නෑ චුට්ටෙ උබ මාර සපොට් එකක් දුන්නෙ.ඕවට මන් සලකනවා."එදින්ත් ඔවුන් මත්පැනින් සප්පායම්ව රාත්‍රිය ගත කලෝය.
පසු දින ඔහු දියඇල්ල ලග සිටි අතර ඇය 12 වනතුරු නොපැමිනියාය.වැඩේ හරියනපාටක් නැද්ද කියා සිතමින් ඔහු ගලෙන් පහලට පනින විට "බේබි මහත්තය" ලෙස සිහින් හඩකින් ඔහුව ආමන්ත්‍රණය කලේය."ශ්‍යාමලී ඔයා ආවද.මන් දැනන් හිටිය ඔයා එයි කියල."එදින සවස් වනතුරු ඔවුන් කතා කර කර සිටි අතර එදින ඔහු ඇයගෙන් ආදරය විමසීය."මහත්තයෝ මන් දුප්පත් කෙල්ලෙක්.මන් ගොඩාක් දුක් විදින කෙනෙක්.මහත්තයට මාව ගැලපෙන්නෙ නෑ."ඇය එසේ කීවත් ඔහු මුරන්ඩු විය."මට මෙ කෙහෙල්මල් වලින් වැඩක් නෑ ශ්‍යාමලී මට ජීවත්වෙන්න සතුටයි ඕන.සල්ලි කියන්නෙ ජීවිතේ නෙමෙයි.""ඒක මන් දන්නව මහත්තයෝ ඒත් මට අම්ම තාත්තවත් නෑ.මේ මගෙ බාප්ප.මගේ අම්මයි තාත්තයි දෙන්නම නැති උනා එහාපැත්තෙ කන්ද නාය ගිහිල්ල මන් චූටි කාලෙ.එදා ඉදන් බාප්පයි පුන්චි ලග මන් හැදුනෙ.මන් ගොඩාක් දුක් වින්ද කෙල්ලෙක් මාව මහත්තයට ගැලපෙන්නෙ නෑ මහත්තයෝ"."හරි ඔයා එහෙමනෙ කියන්නෙ ශ්‍යාමලී.මන් හෙටත් එනව ඔයා අකමැති උනොත් මන් ඇල්ල පහලට පැනල මැරෙනව.මොන කරුමයක්ද දෙයියනේ මේක.ඉදල ඉදල ආදරයක් ලබන්න හිතුව.මන් කවදාවත් මෙහෙම කෙනෙක්ට ආදරේ කරල නෑ.ඔයා තව මොකුත් කියන්න එපා ශ්‍යාමලී.ඔයා මට කැමතිනම් විතරක් හෙට ඇවිත් මාව බේරගන්න.අනුකම්පාවට මෙතනට එන්න එපා.හෙට 10 වෙනකොට මන් මෙතන."එසේ කියමින් ඇය පිලිතුරක් දීමට ප්‍රතම ඔහු පිටත්ව ගියේය.එදින ශ්‍යාමලීට නින්දක් නොවූ අතර ඇය කල්පනා කරමින් කල් ගෙවීය.පසු දින උදෑසන තීරනයක් ගත් ඇය ශෙහාන් පැමිනීමට ප්‍රතම දිය ඇල්ල අසලට පැමිනියාය.
"ඔයා මට කලින් ඇවිල්ල නේ" කියමින් ශෙහාන්  ඈ අසලට පැමිනි අතර ඇයගේ උරහිසින් අල්ලා තමා දෙසට ලන්කරගත්තේය."මොකක්ද ඔයාගෙ උත්තරේ" ඔහු ඇසීය."මහත්තය මන් ගැන දන්නව.මාව කවදාවත් රවට්ටන්න එපා.මාව මැරෙයි" කියමින් ඇය හඩමින් ඔහුට තුරුලු වූවාය.එදිනත් බොහෝ වේලාවක් කතා කරමින් කල් ගෙවූ හවස්  වනවිට පිටත් වූයේ පසු දිනත් හමුවීමේ බලාපොරොත්තුවෙනි.ශ්‍යාමලීට ශෙහාන් තම ජීවිතය වුවත් ශෙහාන්ට ඇය තවත් එක් කෑල්ලක් පමනක් විය.
කාලය ගෙවී ගියේය.එක් දිනක් රාත්‍රියේ රාත්‍රියේ  ශෙහාන් චුට්ටේ සමග මත්පැන් තොලගාමින් සිටියේය."මොකද බේබි මහත්තය තවම අරකිගෙන් මොකුත් කරගන්න බැරි උනාද"."ඔවු බන් ඒකිගෙන් ඒව කරගන්න ලේසි නෑ" කියමින් ශෙහාන් පිලිතුරු දුන්නේය."එහෙම තමා මහත්තයෝ ගමේ කෙල්ලො.මන් දෙන්නම් මහත්තයට හොද ප්ලෑනක්."
පසු දින සුපුරුදු පරිදි ශ්‍යාමලී ශෙහාන් මුන ගැසිනි.එදින ශෙහාන් ශෝක බරිත මුහුනක් පෙන්නුවේය."ඇයි මගෙ සුදු මහත්තයෝ අද දුකෙන් වගේ".ඇය ඇසීය."ලොකු ප්‍රශ්නයක් ශ්‍යාමලී අපේ ගෙදරින් මට කසාද බදින්න කෙනෙක් හොයලා.ඔයාට කීයටවත් අපේ ගෙදරින් කැමති වෙන්නෙ නෑ.මට බය එයාල ඔයාට කරදරයක් කරයි කියල"ඔහු එසේ කියන විට ඇය කදුලු පිරි දෙනෙතින් ඔහු දෙස බැලුවාය."මගෙ මහත්තය මාව දාල යන්වද"."නෑ  ශ්‍යාමලී කරන්න තියෙන්නෙ එක දෙයයි.අපි පැනල යමු.වෙන කිසි දෙයක් නෑ".කරන්න කිසි දෙයක් නොවූ හෙයින් ඇය එයට කැමතිවිය.එදින රාත්‍රියේ ඔවුන් පැන ගිය අතර  ශෙහාන්ගේ පියා ලගකදී මිලදීගත් නිවසක  ඔවුන් නැවතුනේය.එය වැලිමඩ නගරයෙන් පිටත තරමක් ජනගහනය  අඩු ප්‍රදේශයක විය.අක්කර කිහිපයක ඉඩම සමග විශාල නිවසක් එහි විය.එය බලාගත්තේ චුට්ටේගේ මස්සිනා කෙනෙක් වූ මාටින් නිසා බියවෙන්න තරම් දෙයක් නොවීය.
පසු දින ශ්‍යාමලී නිවසේ නොමැති බව දැනගත් ගමේ අය ගම පීරා ඇයව සෙව්වේය.ඇය හා ශෙහාන් ගැන සම්බන්ධය ගමේ අය දැනන් නොසිටි බැවින් ඇගේ අතුරුදන් වීමට ඔහුව සැක නොකලෝය.මෙසේ සති කිහිපයක් ගෙවුනි.ශ්‍යාමලී ශෙහාන් සමග ඉතා සතුටින් කල් ගෙවුවාය.ඇය ඔහුගේ උපායකට හසුවී ඇති බව සිහිනෙකින්වත් නොසිතුවාය.මෙසේ කල්ගතවත්ම ශෙහාන් ටිකෙන් ටික වෙනස් වීය.ඔහු බීමත්ව දවස ගෙවූ අතර ශ්‍යාමලීට ගුටි බැට දෙන්නටද පටන් ගත්තේය.නමුත් ඇය ආදරය සහ අසරනකම නිසා ඒ සියල්ලම ඉවසා සිටියත් එක් දිනක් ඇයගේ ජීවිතය එපා  කරවන සිදුවීමක් විය.ශෙහාන් තවත් කාන්තාවක් සමග ඇය ඉදිරිපිට යහන්ගතවිය.එදින ඇය හඩාවැලපුන අතර ශෙහාන් ඇයට පහර දී කාමරයෙන් එලියට ඇද   දැම්මේය.ඇය සියදිවි නසාගැනීමට සිත් විය.ඇය දොරේ වේගයෙන් හිස හප්පාගත් අතර  ඇය එයින් සිහිය නොමැතිව ඇද වැටුනේය.
පසු දින උදෑසන ශෙහාන් දොර හැර බැලූ විට හිසෙන් ගැලූ ලේ සහිතව බිම වැටී සිටි ශ්‍යාමලී ඔහු දුටුවේය.වහා ඇයව රෝහල් ගතකල අතර එහිදී ඇය ගැබිනියක් වී ඇති බව හදුනා ගත්තේය.එය දැනගත් විට ශෙහාන් ඉතා කලබල විය.වහා ටිකට් කපා ගියපසු ඔහු ඇයට ගබ්සා කිරීමට බල කලේය.තම කුසේ වූ දරුවාට ඇය මහත් සේ ආදරය කලේය."අනේ රත්තරන් මහත්තයෝ මන් යන්නම් ඔයාට නොපෙනෙන්න ඕන දුරක අනේ මගේ දරුව මට නැතිකරන්න එපා."ඇය ඔහු ලග හඩාවැලපෙන්න විය.නමුත් ඔහු එයට අකමැතිවිය.ඔහු ඇයව කාමරයකට ඇද දමා දොර වසා දොරගුලු ලෑවේය.ඇය බලා ගැනීම මාටින්ට භාර දී ඔහු කාරයත් රැගෙන වේගයෙන් පිටත්ව ගියේය.
සවස් වන විට ශෙහාන් වෛද්‍යවරයකු හා චුට්ටේ සමග පැමිනියේය."කෝ බන් අරකි" කියා දොර හැරගෙන ගිය ශෙහාන් හඩමින් සිටි ඇයට පා පහරක් එල්ල කලේය.විසිවී ගොස් ඇදට වැටුනු ඇයගේ අත් වලින් සහ කකුල් වලින් චුට්ටේ සහ මාටින් අල්ලාගත් අතර හැඩිදැඩි ඔවුන් දෙදෙනාගෙන් මිදීමට ඇයට නොහැකි විය.
වෛද්‍යවරයා තම කටයුත්ත සිදුකරන විට ශෙහාන් එලියට පැමින මත්පැන් බෝතලයක් කඩා බීමට පටන්ගත් අතර ශ්‍යාමලීගේ හැඩීම මුසු කෑ ගැසීම ඔහුට දරාගතනොහැකි විය.ටික  වේලාවකින් එය අවසන්විය.ශ්‍යාමලගේ කිසිදු ශබ්දයක් නොවීය.ඒ සමගම කලබලයෙන් එලියට පැමිනි දොස්තර මහතා දුටු ශෙහාන් ඔහුගේ දෙවුරෙන් අල්ලා ගත්තේය."අයිම් සොරි  ශෙහාන් ගොඩක් ලේ ගියා.මට එයාව බේරගන්න බැරි උනා."ශෙහාන්ට උන දේ සිතාගත නොහැකි විය.ඒ සමගම මාටින් සහ චුට්ටේද එලියට පැමිනියෝය.වෛද්‍යවරයාට මිලියන ගනනක මුදලක් ලබා දුන් ශෙහාන් ඔහුව පිටත් කලේය.අනෙක් දෙදෙනාට මතපැන් බෝතලයක් ලබා දුන් ශෙහාන් මත්පැන් පානයෙන් අනතුරුව චුට්ටේ සහ මාටින් සමග එක්ව ශ්‍යාමලීගේ නිසල දේහය සහ ඇද ඇතිරිලි සමග වත්ත පහල වලක් කපා සියල්ල වලලා දැමීය.පසුදින උදෑසනම ශෙහාන් කොලඹ ගිය අතර මාටින්ට සහ චුට්ටේටද මුදලින් උදවු ලබා දීමට ඔහු අමතක නොකලේය.
මේ කිසිදු දෙයක් ශෙහාන්ගෙ නිවසේ අය දැන නොසිටි අතර ඔහු නිවසේ අයට බොරු කියා සියල්ල අස්වැසීය.කාලය සෙමෙන් ගතවිය.සිදු වූ සියල්ල ශෙහාන්ට අමතක විය නැවත ඔහු ඔහුගේ සෙල්ලක්කාර ජීව්තය ආරම්බ කලේය.එක් දිනක් සවස් යාමයේ මාටින් රා බෝතලයක් බී තවත් බෝතලයක් රැගෙන පැමිනියේය.ගේ ඇතුලට ගොඩවෙනවාත් සමග මහ වර්ශාවක් පටන්ගත් අතර මාටින් ඉතිරි රා බෝතලය බීමට පටන් ගත්තේය.දොරට තට්ටු කරන හඩ ඇසිනි."කවුද යකෝ" කියමින් දොර හැරි අතර ඔහු දුටුවේ අවුරුදු 20ක පමණ යුවතියකි."මන් ගෙදරින් පැනල ආවෙ.ගොඩක් වහිනවා.යන්න තැනක් තිබුනෙ නෑ.මේ ගේ දැකල ආවෙ."ඇය දුටු ඔහුට ඇය ගැන සිත් ඇතිවිය."වරෙන් කෙල්ලෙ ඇතුලට.තෙමිලනෙ උබ අර කාමරේට ගිහින් ඇදුම් මාරු කරගනින්."කිසිත් නොකියා ඇය ඔහු පෙන්නූ කාමරයට ගියාය.නැවත පැමින රා බෝතලය තොලගාන අතරතුර ඔහු ඇයසිටි කාමරය දෙස බැලීය.ඇය කොන්ඩය පිසදමමින් සිටි අතර මාටින් සෙමෙන් සීරුවේ ඇයට කිට්ටු වී උරහිසෙන් අල්ලා තමා වෙතට ඇදගත්තේය.ඇයගේ කිසිදු අකමැත්තක් නොපෙනුන බැවින් ඔහු ඇයව තමා පැත්තට හරවා ගත්තේය.ඇයගේ හිසකෙස්වලින් මුහුන   වැසී තිබිනි.ඔහු සෙමෙන් ඇයගේ හිසකෙස් දෑතින් මෑත් කරන විට ඇය ඔහු දෙස බැලීය.වේගයෙන් ඔහු පසුපසට පැන්නේය."මොනවා උබ මැරිලා.උබ මැරිලා".ඔහු දෑස් වසාගනිමින් කෑ ගැසුවේය."මැරුනෙ නෑ තොපි සේරම එකතුවෙලා මාව මරාගත්ත.""මට සමාවෙන්න මට සමාවෙන්න" කියමින් ඔහු ඇය ඉදිරියේ වැදවැටුනේය."සමාවෙන්න සමාවෙන්න" කියමින් මහා හයියෙන් වියරු සිනාවක් පාමින් ඇය ඔහු දෙස වෛරය පිරුන දෙනෙත් වලින් බැලුවාය.ඒ සමගම ඇය අතුරුදන් වූ අතර මාටින එලියට පැන වේගයෙන් දිවගියේය.අදුරේ දුවයන ඔහුට දුවන්නේ කොහිදැයි කියා කිසිදු දැනුමක් නොවීය.එක් තැනකදී ඔහු බිමට ඇදවැටුනේය.ඔහු බියෙන් වටපිට බැලීය."උබට මතකද මෙතන".ඔහුට පිටුපසින් ශ්‍යාමලී සිටගෙන සිටියාය."තොපි  මාව වලදැම්මෙ මෙතන.දැන් තෝ මැරෙන්නෙත් මෙතන."එසේ කියමින් ඇය ඔහුගේ බෙල්ලෙ අල්ලා ඉස්සීය.ඇයගේ වෛරයෙන් දිලිසෙන දෑස දෙස බැලීමටවත් ඔහුට නොහැකි විය.පොලවෙන්  අඩි ගනනක් උසට බෙල්ලෙන් ඔසවා සිටි නිසා ගෙල සිරවී ඔහු ඉතා දුක් විද මිය ගියේය.
"චුට්ටේ අයියේ මන් මාටින් මල්ලි.හොද වල් ඌරු මස් ටිකක් හම්බ උනා.මන් බෝතලේකුත් ගේන්නම්.වරෙන් මේ පැත්තෙ හවස්වෙල"."ආ හරි හරි බන්" කියමින් දුරකතනය තිබූ චුට්ටේ අදුර වැටෙද්දී මාටින් වාසයකල බන්ගලාවට ලගාවිය."මාටියෝ මාටියෝ"කියමින් ගේ ඇතුලත ඔහු මාටින්ව සෙවුවේය."චුට්ටෙ අයියෙ මන් මේහෙ".මාටින් කෑ ගැසුවේ."මේ රෑ ඔය කැලේට වෙලා උබ මොකක් කරනවද"  කියමින් ඔහු ඒ දෙසට ඇදුනේය.හඩ ඇසුන තැන ඔහු නොසිටි බැවින් නැවතත් ඔහු මාටින්ව ඇමතුවේය."අයියේ මන් මෙහේ" කියමින් නැවතත් මාටින් කෑ ගැසුවේය.නැවත නැවත කිහිප වතාවක් එසේ සිදුවිය.අවසන් වතාවේ හඩ ඇසුන තැනට ගොස් මාටිනව සොයද්දී යම් දෙයක කකුල පැටලී ඔහු බිම වැටිනි.ඒ කුමක්දැයි කියා හැරී බලද්දී ලා සද එලියේ ඔහු දුටු දෙයින් බිය විය."මාටින් මාටින් උබට මේ මොකක්ද උනේ.නැගිටපන් නැගිටපන්".ඔහුගේ දෙවුරෙන් අල්ලා සෙලවීය."ඌ මැරිල".ඇසුන ශබ්දයෙන් තිගැස්සී චුට්ටේ හැරී බැලීය.ඔහු දුටු දෙයින් බිරාන්තව ගිය අතර මුහුන පුරා දාඩියෙන් පෙගී ගියේය.ගිලින්න කෙල කදුලක් කටේ නොතිබූ අතර වචනද කැඩි කැඩී පිටවිය."මේ මේ මේක වෙන්න බෑ".එක ක්ශනයෙන් ඇය ඔහු දෙසට ලන් ඌවාය."මමයි මූව මැරුවෙ.උබවත් ගෙන්නගත්තෙ මමයි.අද උබත් මෙතනම මැරෙනව." අනේ දුවේ මාව අතෑරපන්.මේවට මන් සම්බන්ද නෑ."වෛරයෙන් කාන්තිමත් වූ දෑස් යුගල ඔහුගේ දෑස් මතට ලන්කර ඇය "තෝ තමා මේ හැමදේටම මුල.අහින්සක මාව දුක් විදල මැරුනෙ තෝ මාව බිල්ලට දුන්න නිසා.අද තෝ මැරෙනව."වෙවුලමින් හඩමින් ජීවිතය යදින චුට්ටේ දෙස රවා බලමින් වියරුවෙන් මහා හයියෙන් සිනාසුන ඇය අතක් ඉහලට එසවූවේය.ඇයගේ ඇගිලිුතුඩු අගින් අඩියක් පමන ඉහලට නියපොතු දිගු වූවේය.නැවතත් චුට්ටේ දෙස බැලූ ඇය වේගයෙන් ඔහුගේ උදරය මතට පහරක් එල්ලකල අතර නැවත නැවතත් එවැනිම පහර කිහිපයක් එල්ල කර චුට්ටේගේ අතුනුබහන් එලියට ඇද්දේය.වියරු සිනාව නගමින් ඇය එම ක්‍රියාව සිදුකරන අතරතුර ඔහු ඉතා වේදනාවෙන් මියගියේය.
"නර්ස් ලෙඩ්ඩු ඉවරද"."ඔවු ඩොක්ටර්".එසේ අසමින් වෛද්‍යවරයා තම සේවා ස්තානයෙන් එලියට ගමන් කලේය.තමා ඉදිරියට කාන්තාවක් පැමිනි අත්ර ඇය ඔහු දෙස රවා බලාසිටියාය."ඩොක්ටර් ඩොක්ටර්" ඔහුට නර්ස් කතා කලත් නෑසුනාත්මෙන් කාරයට නැගී ගමන් කලේය.පියවි සිහියට ඔහු එනවිට ඔහු සිටියේ කැලයකය.දෑස් පිසදමමින් වටපිටාව බැලූ ඔහු දුටුවේ ඔහු රෝහල අසල දුටු කාන්තාවය."මන් කොහොමද මෙතනට ආවෙ".ඇය ඔහු ලගට කිට්ටුවිය."මමයි උබව ගෙනාවෙ"."මොකක් ඒ කොහොමද,කවුද තමුසෙ".ඇය ඔහු අසලට ලන්විය."මන් කවුද, මන් කවුද ඇයි උබට මතක නැද්ද.මන් උඹ මගෙ දරුව මගෙ බඩේම මරල මාවත් මැරුවෙ".ඇය ඔහු අසලට කිට්ටු විය."මොකක් මේක වෙන්න බෑ මේක වෙන්න බෑ අනේ මට මොකුත් කරන්න එපා".වෛද්‍යවරයා පය පැටලී බිම වැටිනි."තෝ වගේ එදා මන් තොගෙන් ජීවිතය ඉල්ලුව.ඒත් තෝ සල්ලි වලට පෙරේතකමේ මාව මැරුව මගෙ බඩේ හිටපු දරුවත් එක්ක.අද මගෙන් උබට බේරුමක් නෑ".එසේ කියමින් වියරු සිනාවක් මහහඩින්  පෑවාය.එසැනින් අසල ගල්කුලක් වේගයෙන් ඇගේ දෑත් අතර පාවී ඇවිත් රැදිනි.ගල්කුල ඉහලට ඔසවා සිනාව අවසන්කර වෛද්‍යවරයා දෙස වෛරයෙන් රවා බැලීය.ඔහු බියෙන් වෙවුලමින් ජීවිතය යදිමින් සිටියේය.නැවතත් වියරු සිනාවක් නගාගත් ශ්‍යාමලී ඔසවා සිටි ගල්කුල ඔහුගේ හිසට එල්ල කලාය.එසැනින්ම  එම පහරෙන් හිස පොඩි වී ගිය වෛද්‍යවරයා එතැනම මිය ගිය අතර ශ්‍යාමලීගේ තුන්වන බිල්ලත් සම්පූර්ණ විය.
මේ කිසිවක් නොදත් ශෙහාන් සුපුරුදු කෙලිදෙලෙන් කල් ගත කල අතර වෛද්‍යවරයාගේ මරනින් පසු දිනයේ ශෙහාන්ගෙ පියාගෙන් දුරකතන ඇමතුමක් ලැබිනි.එයින් කියවුනේ ඔහුව ඉක්මනින් හමුවන ලෙසයි."ආ ශෙහාන් මන් එන්න කිවුවෙ පුතේ වැලිමඩ ගෙදර අමුතු දෙයක් වෙනව.අර මාටින් ආගිය අතක් නෑ.චුට්ටෙ එහෙ එනව කියල පෙරේදා ඇවිත් ඒ මිනිහත් ආගිය අතක් නෑ.ඊයෙ හපුතලේ පැත්තෙ ඩොක්ටර් කෙනෙක්ගෙ කාර් එකක් මිදුලෙ දාල මිනිහත් ආගිය අතක් නැතිලු.අනේ මන්ද මොනව වෙනවද කියල.අද මට එහේ පොලිසියේ ඕ.අයි.සී කතාකරල කට උත්තරයක් දෙන්න එන්න කිවුව.මට යන්න විදියක් නෑ පුතා ගිහින් බලනවද".එදින සවස වැලිමඩ යාම සදහා ශෙහාන් පිටත් වූයේ එදින රැය ගතකිරීම සදහා හෝටල් කාමරයක්ද කලින් වෙන්කර ගනිමිනි.වැලිමඩ ආසන්නයට ඔහු ලන්වෙනවිට අදුර වැටී තිබුන අතර ඇද වැටුන මහා වර්ශාව නිසා එය දෙගුන විය.වැස්සත් අදුරත් නිසා ශෙහාන් කාරය සෙමෙන් පැදවීය.
එක්වරම දරුවෙක් ලයට තුරුලු කරගෙන සිටි කාන්තාවක් කාරයට අත දැමීය.කාරය නැවැත් වූ ශෙහාන් වීදුරුව පහත් කලේය.අදුර නිසා ඔහුට ඇයගේ මුහුන පැහැදිලිව නොපෙනෙනුයේය."මහත්තය මාවයි දරුවවයි ඉස්සරහින් බස්සල යනවද"."හරි නගින්න".නැවතත් ගමන ඇරඹ්නි.ඇය තම දරුවා සුරතල් කරමින් සිටි අතර සිදු වූ සිදුවීම් නිසා කැලඹීමට පත්වසිටි ශෙහාන්ටද ඇය හා කතා කිරීමට සිතක් නොවීය.ටික දුරක් යනවිට "ඔව් මගෙ  පැටියෝ මේ ඔයාගෙ තාත්ත".මෙය කිහිප වතාවක් කියනු ශෙහාන්ට ඇසුනි.ඔහු එම කටහඩ හුරුපුරුදු බව  දැනුන නිසාත් හැරී බැලීය.එවිට එම කාන්තාව දරුවා ඔසවා "මේ ඔයාගෙ තාත්ත" යනුවෙන් කීවේය.එයින් ශෙහාන් තරමක් කේන්ති ගත් අතර තරමක් සැරෙන් "මොකක්ද කිවුවෙ කාගෙවත් ලමයිට උප්පැන්න දෙන්න මාව ගාවගන්න එපා" කියා කීවෙය.එවිට ඇය ඔහු දෙස හැරී බැලීය."ඇයි මහත්තයෝ මේ අපේ දරුවනෙ." දුටු දර්ශනයෙන් ශෙහාන් ඉතා බියට පත්විය."මොකක් මේක වෙන්න බෑ.උබ මැරිල.උබ මැරිලා" ."මැරිල නෙමෙයි මහත්තයෝ මාව මැරුව.මහත්තයයි තව පහරයො තුන් දෙනෙක් එක්ක එකත්වෙලා මාවයි මගේ කුසේ හිටපු අහින්සක  දරුවයි මැරුව.මගෙ ආදරේට දුන්න තෑග්ග තමයි ඒක."එසේ පවසමින් ඇගේ අහින්සක පෙනුම වෙනස් වී දරුනු පෙනුමක් ඇතිවිය.වෛරයෙන් දිලිසෙන දෑස් ඔහු දෙසට එල්ල කල අතර එම දෑස් ගිනිදැල්වල තරමට රත්පැහැ විය.දරුනු කටහඩකින් නැවත ඇය ඔහුව ඇමතීය."මන් අරුන් තුන්දෙනා මැරුව.අද උබේ වාරෙ" කියමින් ඈ වියරුවෙන් සිනාසිනි.එසැනින් ඈ අතුරුදන්විය.අපහසුවෙන් කාරයේ දොර හැරගත් ඔහු බියෙන් ගැසෙමින් දුවන්නට විය.එක් වරම ඔහු ඉදිරියට චුට්ටේ පැමිනියේය ."බේබිමහත්තය බේබිමහත්තය ඒකි මට කරපු දේ මේ බලන්න" කියමින් ඔහුගේම අතුනුබහන් එලියට ඇද දැම්මේ වියරු හඩින් සිනාසෙමිනි.කෑ ගසමින් ජීවිතය බේරාගැනීමට දිවයන අතතුර ඔහු ගසක වැදී බිම වැටිනි."තව කොච්චර දුර දුවන්නද මහත්තයෝ".දිව පපුව දෙසට ඇදී දෑස් එලියට පැන තිබූ මාටින් ඔහු අසල විය."මේක වෙන්න බෑ මේක වෙන්න බෑ" කියමින් ලේ ගලන නලලත මත අත තබා නැවතත්  දුවන්නට විය.එක් වරම ඔහු නැවතුනි.පොඩිපට්ටම් වූ හිස සහිත ශෙහාන්ගේ  මිත්‍ර වෛද්‍යවරයා විය.කර කියා ගත නොහැකිව ශෙහාන් පසුපස බැලීය.එහි මාට්න් විය.තවත් පැත්තකින් චුට්ටෙ සිටියේය.එක පැත්තක් නිදහස්ව තිබූ හෙයින් ඔහු ඒ දෙසට දිව ගියේය.මද  දුරක් දිවගිය ඔහු එක තැනක දනින් වැටුනේය.හඩමින් ශ්‍යාමලීගෙන් ජීවිතය යැද්දේය."මාත් එදා උබෙන් ඔහොම තමයි ජීවිතය ඉල්ලුවෙ.ඒත් උබල මට මොකක්ද කලේ.තව අඩපන් හයියෙන් අඩපන්.මන් උබට  මට කරපු දේ තව කෙනෙක්ට කරන්න ඉඩ තියන්නෙ නෑ." එසේ කියමින් ඇය ඔහුට ලන්විය."අනේ මාව මරන්න එපා".ශෙහාන් බැගෑපත්විය."නෑ මන් උබව මරන්නෙ නෑ.ඒ දඩුවම උබට පොඩි වැඩී.උබ ජීවත් වෙනවා හැබැයි හැමදාම මැරි මැරි." මෙසේ කියමින් වියරු සිනාවක් මහ හඩින් නගමින් ඇය අතුරුදන්විය.
පසුදින උදෑසන පොලිසියේ ශෙහාන්ව සොයාගන්නාව්ට ඔහු තමා කල වරද පාපොච්චාරණය කරමින් ශ්‍යාමලී යටකල තැන අත්වලින් හාරමින් සිටි අතර චුට්ටේගේ මාටින්ගේ සහ වෛද්‍යවරයාගේ සිරුරුද ඒ අසලවිය.පොලිසිය ප්‍රදේශවාසින් සමග එක්ව එම ස්තානය හාරා ශ්‍යාමලීගේ සිරුර සොයාගත්තේය.ගෙල පැලදි මාලෙන් සහ අත පැලදි අත් පලදනාවෙන් මෙය ශ්‍යාමලීගේ සිරුර බව ඇගේ බාප්පා විසින් හදුනා ගනු ලැබිනි.සැකපිට ශෙහාන්ව අත් අඩන්ගුවට ගත්  අතර උසාවි නියෝගය මත ඔහුව මානසික රෝහලකට යොමු කෙරිනි.එතැන් පටන් දිනපතා  තනි වූ සෑම වේලාවකම ශ්‍යාමලී ඔහු ඉදිරිපිට පෙනී සිටියාය.එම නිසා ඔහුගේ උමතුව අඩුවීමක් නොමැතිවිය.සිදු වූ දෙයින් පවුලට වූ අවනම්බුව සුලුපටු නොවීය.මාධ්‍ය ඉතා ඉහලින් එය වාර්තා කලේය.ශේහාන්ගෙ පියා තමා සතු සියලු දේපල විකුනා දමා සිය බිරිද සහ දියනිය සමග පිටරටක පදින්චියට යෑමට තීරනය කලේ තම එකම පුතා මියගොස් ඇතැයි සිතා සිත හදාගෙනය.

මරණයෙන් අවදිවූ සේපාලි

"තනි වෙන්න එපා . ."

" ආ පුලුවන් නම් කියන්න කවුද කියලා ....."
වැව් කණ්ඩිය මත වාඩි වී සමු ගන්නට මාන බලමින් සිටින හිරු දෙස බලමින් සිටි මගේ දෑස් වසමින් ඇය තාලයට ඇසීය. ඇගේ උනුසුම් හුස්ම මගේ කන් පෙති හා කම්මුල් හරහා ගලා ගියේ මගෙ සියොලඟම රෝම ඩැහැගනිමින් .
" ම්ම්ම්ම් මෝහිනී...."

" මෝඩයා......" ඇය මගෙ කන මිරිකමින් මා අසල වාඩි විය.. 

" මල්ලකුත් එල්ලගෙන කොහෙ යන්නද..."

" ටවුමට ගිහින් එන ගමන් ඔයා දැකලා නතර උනේ.... කො ඉතින් අපි බලන්න ආවොත් මිසක් අපිව බලන්න එන්නෙ නෑනේ..."

" අවුරුදු ගානකට පස්සෙ කොලඹ ඉදලා ආවේ ඊයේ රෑ .... මහ රෑම එහෙ එන්න කියලද කියන්නෙ..මං ඔහේලා ගෙ ගෙදර ගිහින් ආවේ කෝ හිටියේ නෑ නෙ"

" කො ඉතින් මට මොනාද ගෙනාවේ..."

" ම්ම් ඇස් වහගෙන ඉන්න....."

මා ඇයටම ගෙනා පා සලඹ ඇගේ සුදු මුදු පාදයෙ පැලදවීය

" අනේ හරිම ලස්සනයි .... මේ සද්දෙකුත් එනවා...."
එයින් නැගෙන සියුම් " සිලිං සිලිං " නාදය පෙන්වීමට ඈ වුවමනාවෙන්ම පා ගසමින් මා වටා ඇවිද්දාය 

සරසවි වරම් ලැබූ මා නැවත ගමට ආවේ සියලු අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවය.. සේපාලි මගේ පෙම්වතිය නොවුනත් අප දෙදෙනාට ම නොහැගෙන බැදීමකින් අපි වෙලී සිටුයෙමු

" සමන්ත අයියා.... අනෙ මාව අර ඔරුවෙ රවුමක් අරන් යන්නකො..." 

" මොලෙ කොලොප්පන් ද... ගොම්මන වැටෙන්නත් ලගයි...."

"  අනෙ අනෙ අනෙ....."
ඈ ඇවිටිලි කලාය

" හැබැයි පොඩ්ඩ දුරයි ....."

එය ඇසූ සැනින් මටත් පෙරම ඈ තෙප්පම වෙත දිව ගියේ පොඩි එකියක මෙනි... අත තිබූ මල්ල අසල තිබූ කුඹුක් අත්තක එල්ලා තෙප්පම ට ගොඩවූ ඇය හබලද අතට ගෙන මා දෙස බලා සිනාසුනේ ගොඩ සිටම ඔරු පදින්නට මෙන් සූදානමකිනි.. බැස යන ගිනියම් හිරුට පිටුපා සිටි ඇය චිත්‍රයක් මත ජීවත් වන සුරංගනාවියක් තරම් සුන්දර ය..

" වාසනවට අද කවුරුත් නෑ... නැත්තම් ඉතින් කැලෑ පත්තර තමයි... කො ඔය ගවුම උඩට ගන්න තෙමීගෙන ගෙදර ගිහින් මාවත් පෝරකේට යවන්නද හදන්නෙ..."

තෙප්පම වැවට තල්ලු කරන ගමන් මම කීවෙමි . ඒ ගමන්ම එයට ගොඩ වූ මා හබල ද අතට ගෙන ටිකක් දුරට පැද ගියෙමි....

" ඔය මදී ... ආ..න්න අතනට.... යමු..." 

" හ්ම්ම්ම්"
මා ඈ කී තැනට පැද ගියෙමි... නමුත් ඈ කුමක්දෝ කියන්නට මෙන් මා දෙස බලා සිටියාය..

" මොකෝ මගෙ මූනෙ පෙරෙහැරක් යනවාද..."
මම ඇසුවෙමි 

" සමන්ත අයියා.. මට කාරණාවක් කියන්න තියෙ.."

" කියන්න ඉතිං ..."

" ඔයා කොලඹ ගිහින් ටික කාලෙක ඉදන් වසන්ත අයියා මගෙ පස්සේ කැරකෙනවා... මම කොච්චර කිවුවත් මනාප නෑ කියල එයා අහන්නෙම නෑ... ඒත් මට වසන්ත අයියගේ හිත රිද්දන්නත් බෑ...."

" ඒ මොකො....??"

" නෑ.... එක දවසක් ජෝන් මාමගෙ කසිප්පු වාඩියෙ කොල්ලො දෙන්නෙක් මට හිරිහැර කරන්න ඇවිත් වසන්ත අයියා තමයි මාව බේර ගත්තේ...." 

මා සිතේ පුදුමාකාර තරහක් නැගෙත්ම ඒ ආවේගයටම සමාන කොහෙන්දෝ ආ සැර රැල්ලක් ඔරුවෙ හැපී තදින් පැද්දෙන්නට විය....

" මොකක්... මං බලා ගන්නම්කො ඕකුන් ගැන ..." 
නමුත් ඈ මට සවන් දුන්නේ නැත... ඈ වැව් පතුල බලා සිටී..

" අයියා ..... මෙ මෙතන යට මොකක්දො තියනවා...." 

සේපාලි පහලට නැවී ජලයට අත දමමින් කීවාය...

" කෙල්ලේ.... බලාගෙන ඔරුව පැද්දෙනවා.... වැටෙයී බලාගෙන..." 

මට ඒ වචන ටික අවසාන කිරීමට නොහැකි විය... තෙප්පම පුරාත් මගෙ ඇග පුරාත් ජලය ඉසිරුවමින් ඈ වැවට වැටුනි... 

" සේපාලි ....සේපාලි ..."

විනාඩියක පමණ කාලයක් කිසිදු චලනයක් නොවන ලෙස ඈ අතුරුදහන් විය... නැවත ඈ මතු වූයේ යාර 20ක් පමණ දුරින්‍ ය... දිවි ගලවා ගැනීමට අත පය ගැසුවත් පලක් නොවීය ... මාද ජලයට පැන්නෙමි.. ඈ සිටි දෙසට පිහිනා යද්දී නැවත ඈ අතුරුදහන් විය.. මා නැවතී බලා සිටියෙමි.. වැවේ බොහොම ගැබුරු තැනකින් ඈ නැවත මතු විය... නමුත් ඒ වැඩි වේලාවකට නොවේ... එතරම් දුර පිහිනීමට මා සමතෙක් නොවෙමි.. 

නැවත තෙප්පම දෙසට පිහිනා ගිය මා ජලයේ සිටියදීම තෙප්පම අල්ලා සිටි මා සිදු වූවේ කුමක්ද යැයි තෙරුම් ගත නොහැකිව හා කල යුත්තේ කුමක්ද යැයි තේරුම් ගත නොහැකි ව හඩමින්  ඒ දෙස බලා සිටියෙමි... 

සියල්ල නිසොල්මන් ය.. සූර්ය යා වැව් ජලයේ ඈත කිමිදෙමින් ගොම්මන ගෙන ආවේ මා මිනිමරුවෙක් යන හැගීම දෙගුන තෙගුන කරවමිනි..

වහාම ඔරුවට නැගගත් මා ලහි ලහියේ ගොඩට පැදවුයෙ කිසිදු අරමුණක් නැතිවය..
. තොටුපලේ කිසිවෙක් නොසිටි නිසා වහාම ඔරුව ස්තානගත කර ගොඩට දිවුවෙමි.. සේපාලි ගේ මල්ලත් වැවට විසි කල මා දෙවරක් නොසිතා  තෙත පිටින්ම කැලෑ පාරකින් ගෙදර දිවුවේ මේ වරද මගෙ නොවේ යැයි සිත සනසවා ගනිමිනි... කවුරුන් හෝ මා පසු පස ලුහුබැඳ එතැයි හදවත වේගයෙන් ගැහෙන්නට විය.. තෙත් වූ සිරුරට දහඩියද රුකුල් දුන්නේ ය

මවට හොරෙන් ගෙට රින්ගා තෙත ඇදුම් උනා දමා වෙන ඇදුමක් හැද ඇදට වැටුනේ උපාසකයෙක් මෙනි... නමුත් මගේ හෘද සාක්ශියෙන් ගැලවීමට මට නොහැකි විය.. ඈ ජලයේ කිමිදෙමින් දැගලූ සැටි මට පුන පුනා පෙනෙන්නට විය...

" ආ... උඹ ආවද... කොහෙද ගියෙ මේ රෑ වෙනකන් .. වරෙන් මොනා හරි කාල හිටින්ට.."

මවගේ හඩින් මා උඩ විසිවී ගියෙමි... 

" පන්සලේ හිටියේ ... කන්න බෑ අම්ම කාලා නිදා ගන්න. "

ඉවත බලාගෙනම මා කියා දැම්මෙ මගේ මුහුණේ තිබූ නොසන්සුන් බව ඇයට පෙනේ යැයි සිතාය ... නින්දක් පෙනෙන තෙක්මානයක නැත.. 
" බේරගන්න ..." යැයි කෑ ගසන ඇගේ හඩ මගෙ දෙසවන් තුල දෝංකාර දෙයි.. අහෝ දෙවියනේ මොකක්ද මම මේ කලෙ....

ඇදේ ඒ මේ අත පෙරලෙමින් සිත සනසා ගන්නට උත්සහ කලෙමි.. මගේ වරදක් නැත... මා ඈ බේරා ගැනිමට උපරිම උත්සහ කලෙමි.. සිතමින් මගේ සිත සන්සුන් කර ගතිමි.. කෙසේ හෝ කීයට හො මට මද නින්දක් ලැබෙන්නට ඇත... 

" සමන්ත...  අඩෝ සමන්තයා...."

මා බයෙන් භ්‍රාන්ත වී ඇහැරුනේ වසන්ත මා උරයෙන් සොලවා මා අවදි කල විටය.. මා කොතරම් ගැස්සී ද කියතොත් විසි වූ අත පය උගෙ ඇගේ වදින්නට ඇති බව නොඅනුමානය ... 

" මොකො සමන්තයා මේ බය වෙලා..."

" මුකුත් නෑ බන්... මං හීනයක් දැක දැක හිටියේ.... උබ මොකද මේ පාන්දර යකෙක් දැකලා වගේ "
මම කීවෙමි

" කිය කිය ඉන්න බෑ ඉක්මනට වරෙන් ගමනක් යන්න..." 

ඔහු මා කැටුව යන්නට හදන්නෙ කොහෙද කියා මා හොදින්ම දනිමි .. නමුත් එය තවකෙක්ට ඇගවීම නුවණට හුරු නොවේ.. 

"   කොහෙ යන්නද බන් මේ පාන්දර... මට නම් බෑ උඹ පලයන්..."

" සමන්තයා ....සේපාලි ..."

" සේපාලි .. ඉතින් මක් වෙලාද..."
කිසිවක් නොදන්න එකෙකු මෙන් මා ඇසීමි. 

" හොද එකා වගේ වරෙන්කො යන්න..." 

තවත් රගපෑමෙන් රහස් එලිවිය හැකි බැවින් මා ඔහු සමග ගියෙම්..
ඒ වන විටත් වැව් තොටුපලේ මැජික් සංදර්ශනයක් මෙන් සෙනග වට වී ඇත.. මා වසන්තගේ සයිකලයෙන් බැස ඒ දෙසට දිවුවෙමි ... කලබලයෙන් සෙනග ඈත් කල මා දුටුවේ මා මෙතෙක් දැක ඇති සංවේදී ම දර්ශනය යි... 

" අනේ සේපාලී .... ඔයාට මොකද මේ උනේ...." 

මිනිසුන් රැවටීමට සිතා මම මවාපෑවෙමි තවමත් පණ ඇති යැයි සිතෙන තරමටම පියකරු ඇගේ දේහය තුරුලට ගෙන මම ඇඩුවෙමි... අනෙක් සියල්ල බොරු වුවත් මගෙ කදුලුත් සිතේ උපන් වේදනාවත් සත්‍යයක් ම විය.. 

තවමත් තෙත බරිතව මගේ උරතලයේ උන් ඇගේ හුස්ම මගේ කන් පෙති හා කම්මුල් හරහා තාලයට වදින බව මගේ සිත රැවටීමක් යැයි නොහැගෙන පරිදිම මට දැනුනි ... එයින් හිත ගැස්සී ගිය මා ඈ බිම තබා පසු පසට උනෙමි...මා බලා සිටියේ ඇගේ  ළැම උස් පහත් වි දෑස් හරින තෙක් ය නමුත් එය මුලාවක් පමණකි .. ඇය සදහටම සමුගෙන අවසානයි..

...........................................................................

සේපාලි  ගෙ අකල් අභිරහස් මරණය පිලිබඳ  සියල්ලන් ගේ ශෝකය අතර සතියක් ගතවිය... සතිය පුරාම සේපාලි ගෙ නිවසේ පාලු මැකීමට මා අමතක නොකල නමුත් කිසිම විටෙක ඇගේ නිසල දේහය බැලීමට තරම් මට ශක්තියක් නොවීය.. සියල්ල ආරම්භ වූයේ ඇගේ හත් දවසෙ දානය දින රාත්‍රියේ ය...

" අනෙ අම්මෝ.... බේරගනියෝ.... අනේ අනෙ.."

ගැහැණියක් හා පොඩි කෙල්ලක් මිදුල මත වැටුනේ සියල්ලන් භීරාන්ත කරමිනි.. 

" මොකෝ බන් මේ..... මොන යකා වැහිලද උබලට..." 

" අනෙ අක්කෙ... සේපා...සේපාලි.... "
ඈ ක්ලාන්ත ගතියක් දැක්වීය..

" උඹලා තත්බීරි වෙලා බලන් ඉන්නෙ වතුර ටිකක් ගෙනෙල්ලකෝ... අනේ කෙලී උබවත් කියපන්කො මොකද වුනේ..."

" අනේ නැන්දේ.. සේපාලි අක්කා .... තොටුපළ ලග කුඹුක් ගහ යට ඔරුවක වාඩි වෙලා උන්නා...." 

" දෙයියනේ මගේ කෙලීට මුන් කියන කතා.... "
" බොරු නෙමෙයි නැන්දේ... අම්මයි මමයි දෙන්නම දැක්කා..."

මට කිසිවක් අදහා ගත නොහැකි විය... ඇය අවතාරයක් වන්නේ කෙසේද.... සිතට කොහෙන් ආ දිරියක් ද නොදනිමි මට එය මගේ ඇස් වලින්ම බලන්නට අවශ්‍ය විය... දානෙ ගෙදර නවතා තිබූ ෆුට් සයිකලය ක් ගෙන වේගයෙන් තොටුපළ දෙසට පැද්දෙමි... 

" අනේ දෙවියනේ.... ඒක ඇත්ත..." 

වැව් කණ්ඩියේ සිට තොටුපළ දෙස බැලූ මට දක්නට ලැබුනේ සුදු ගවුමක් හැදගත් ඇය ඔරුවක් මත වාඩිවී සිටින අයුරුයි .... තරමක් දුරින් සිටි නිසා ත් අදුර නිසාත් ඇගේ මුහුණ පෙනුනේ නැත...මා ගල් ගැසී ඒ දෙස බලා සිටියෙමි විනාඩියක් පමණ ගත් වන්නට ඇත. ඔරුවෙන් නැගිට ගත් ඇය ශාන්ත ලෙස ලන්ද තුලට ඇතුල් වීම නිසා නොපෙනී ගියාය. 

සයිකලය එතැන පෙරලා දමා හඩ නොනැගෙන සේ මා ද ඒ දෙසට ගියෙමි.. සීතල රාත්‍රියේ මා දහඩියෙන් නැහැවී ඇත... වතුරෙන් ගොඩ ගත් මාලුවෙක් මෙන් ගැහුනත් මට එය පාලනය කර ගත නොහැකිය..  මට යාමට හැකි වූයේ ටික දුරකි... මගේ උරපත්ත මත කවුරුන් හො අත තැබීය... 

" ආ......"

මහ හඩින් බෙරිහන් දුන් මා බිම වැටුනේ බියටම කකුල් පණ නැතිවය... 

" සමන්ත මොකො බන් මේ...."
එසේ ඇසුවෙව් වසන්තය...

" අහ් අහ් ව ව වසන්ත උබ මොකද මෙතන... සේපාලි සේ සේපා.."
වචන ගලපා ගත නොහැකියව මා දෙඩෙවුවෙමි 

" දානෙ ගෙදර යන ගමන් බිම දාල තිබ්බ සයිකලයක් දැකල මං මේ ආවේ.. විකාර නැතුව වරෙන් යන්න"... 

නැවතත් වටපිට බැලුවේ ඇගේ හෝඩුවාවක් සෙවීමටය... ඒ ඇයමද.... නැතිනම් මට පිස්සුද මට ම තේරෙන්නේ නැත...

.....................................................................

එදින තදින් වැස්ස ඇති දිනයක් බව අඩ නින්දේ මෙන් මතකයක් ඇත... තදින් සීතල දිනයක් වුවත්  උණුසුම් සුලගක් මා තොල්පෙති හා ගෙල අසල දැනුනු අතරම නලල මතත් කම්මුල් මතත් වතුර බිංදු කිහිපයක් වැටුනු නිසා නිදි මතේම එය පිසදා දැමීය . 
. තදින් දෑස් වසා සිටියෙමි... එය නතර විය . නමුත් නැවත වතුර බිංදු මුහුණට වැටීම නිසා දෑස් හැරියේ වතුර එන්නෙ කොහෙන්දැයි බැලීමටයි.. 

"අනේ අම්මෝ......" 

මා යටිගිරියෙන් කෑ ගැසුවෙමි ... එහි වූයේ  සේපාලී ය... තෙත කොණ්ඩය මතින් වැටෙන වතුර බිදු මගෙ මුහුණ දිගේ ගලා යන පරිදි ඈ මගේ මුහුණ ට එබී සිටියාය...
කෑ ගැසු හඩට මව එතනට පැමිණි විට මා හැර වෙන කිසිවෙක් කාමරයේ නොවීය... 

" මොකද මයෙ පුතේ... උඹ හීනෙකින්වත් බය උනාද... " 
කියූ මව බුදුසරණ කියමින් මා හිස අත ගාන්නට විය.. නමුත් ඒ දුටු දෙය කෙසේ අමතක කරන්න දැයි මා නොදනිමි.... කෙතරම් කාලයක් ගියත් මගේම සිත මට නිදහස් වීමට දෙන සලකුනක්වත් නැත...

" සමන්ත... සමන්ත... ඉක්මනට වරෙන්...." 

හොදටම එලි වී ඇත... අම්මාද මා අසල නැත.. 

" මොකො බන් කෑ ගහන්නේ... " මා එලියට එන අතරම ඇසුවෙමි.. එතැන වසන්තත් තව දෙදෙනකු ත් සිටියෝය.

" වරෙන් ගමනක් යන්න... අනම් මනම් අහන්න ලෑස්ති වෙන්න එපා ඉක්මනට කමිසයක් දාගෙන වරෙන්..." 

කාරණාව බරපතල බව තේරුනු නිසා ඔවුන්ගේ අණට කීකරු වී හනිකව ඔවුන්ට එක් වුනෙමි.. විනාඩියක් දියන් ලිදට දුවලා එන්නම්..

මුහුණ කට සේදීමේ අරමුණෙන් ලිං ගැට්ටේ නවා තිබූ බාල්දිය ලිදට දැම්මේ අරුන් මාව කොහෙ එක්ක යන්න ආවේදැයි කල්පනා කරමිනි.. ඒ සිහියෙන්ම ලග දිබූ බත්තලන්ද පුරවා තව බාල්දියක් ඇදීමට ලිදට දැමීමි.. නමුත් බාල්දිය ගොඩ ආවේනැත එය ඉතාමත් බර විය ලිදට එබී බැලුවේ කුමක් පැටලී ඇත්දැයි බැලීමටයි..

" එපා එපා එපා  සේපාලී ....."
මුලා වූ මගෙ සිත පිස්සු වැටී ඇත බාල්දි කොක්කේ කෙස්වැටිය පැටලී ජලයෙන් උඩට මතුවූ ඇගේ හිස විවර කර ගත් දෑසින් මා දෙස බලා සිටියාය..
බාල්දිය ද අත් හැර ලිං ගැට්ට මත හිස් තබා හැඩුවේ තවත් එය දරා ගත නොහැකි හෙයිනි.. 

මුහුණ සේදීම පසෙක දමා අරුන්ට එකතු වූයේ තනි වීම බියක්ම වූ නිසාය. මාවත් දමාගෙන හති හලමින් සයිකලය පෑගුවත් ඔවුන් කිසිවක් නොකියා සිටියේ මා මෙන්ම ඔවුනුත් බියකින් පසුවූ සේය.. කෙසේ හෝ මා රැගෙන යන්නේ ඔරු තොටුපළ දෙසට බව නම් සැකයක් නැත... නමුත් මේ හදිස්සියේ ඒ අයි....?

තොටුපළ ලග කුඹුක් ගහ වටේ මහා සෙනගක් රැස්ව සිටි බව පෙනුනත් ඒ ඇයි දැයි සිතා ගැනීමට නොහැකි විය.. හදවත වේගයෙන් ගැහෙන්නට වූයේ සේපාලි ගේ දේහය තිබු තැනම වූ නිසාය.. 

" ඇයි බන් මේ සෙනග... "

ඔවුන් වචනයක්වත් නොකී නිසා මමම ගොස් බැලුවෙමි.. 

" මොනවා......" කුඹුක් ගසේ අත්තක ගෙල වැලලා සිටියේ නිරුවත් පිරිමි සිරුරකි... මුහුණ හැර මුලු සිරුර ම නිය වලින් සූරා දැමුවාක් මෙන් කැපී ඇත..ඔහු ගෙල වැලලා සිටියේ ගවුම් පොටකින් බව පැහැදිලව දක්නට ලැබුනි

" මෙ ජෝන් කාරයගෙ කසිප්පු පොලේ එකෙක්...." 
අසල සිටි එකෙක් එසේ කියූ සැනින් මා සිත සලිත වූයේ ඔරුවේදී සේපාලි  කියූ වචන පෙල සිහි වීමෙනි.. 

මේ සිදුවීමත් සමග සේපාලි  ගේ අවතාරය සත්‍ය බව කට කතා සියල්ලන් විස්වාස කරන්නට විය.  

සතියක් පමණ කිසිවක් නොවී ගත වුවත්
දිනපතාම රාත්‍රියේ සේපාලි මා අසල සිටින සිහිනය දැකීම නිසා සැහැල්ලු නින්දක් ලැබූ කාලයක් මතක නැත... නින්දට වැටුනු විගසම කවුරුන් හෝ මා මුව අසලම හුස්ම ගන්න හඩත් උනුසුම් සුලගත් තදින්ම දැනුනි.. " තනි වෙන්න එපා.... තනි වෙන්න එපා....." යැයි මගේ කනට කොදුරනු ඇසී ක්ෂණිකව නැගිට බැලුවත් මා අසල කිසිවෙක් නොවීය... එවිට උදෑසන වී ඇත

" පුතේ පුතේ....  නැගිටහන් කොලුවෝ.... "

" ඇයි අම්මෙ මේ බය වෙලා..."

" කුඹුක් ගහ යට තව එකෙක් මරා දාලලු පුතේ... අනෙ මන්ද මේ ගමට මොන වින්නැහියක් වෙන්න යනවද..." 

" මොකක් අම්ම කොහොමද දන්නේ... "

" මං ඉදිආප්ප දාන්න හන්දියේ කඩේට යනකොට සෙනග උන්න මං තකහනියක් දුවගෙන ආවෙ උබට කියන්න... අනෙ මයෙ පුතේ ආයෙ රෑ ජාමෙ එහෙ මෙහෙ තනියම යන්න එපා.. "

" විකාර මට මොනා වෙන්නද..." කියූ මම ඇදෙන් පැන කමිසයක් දමා ගෙන කට සෝදා පාරට බැස්සෙමි . 

මව කියූ දේ සැබෑය සේපාලි  ගෙ මරණය සමග ගමට මහා සාපයක් වැදි ඇති සේය.. කොහේදො සිටි උලමෙක් හඩ තැලුවේ මට සිතුනු දෙය සත්‍ය යැයි අගවන්නට  මෙනි..

" තොටුපළ ට ද යන්නෙ නැගහන් නැගහන් "

පිටුපසින් පැමිණි බේකරියේ මල්ලි සයිකලය නවතා මට හඩගැසීය.. තපරයක්වත් ප්‍රමාද නොවූ මා එයට ගොඩ වූයෙ සිදුවීම බලා ගැනීමට ඇති හදිස්සිය නිසාය.. වෙනදා මෙන්ම අපට පෙර බොහෝ පිරිසක් ද පොලීසිය ද එහි පැමිණ ඇත... 

පසුපසට වී සිටි මට වසන්ත සංඥා කලේ වටයෙන් ඔහු ලගට එන ලෙසයි...

" මේ පාර මොකාද.... අපොයි දෙයියනේ.... "

මා වමනය නවතා ගත්තේ දැඩි ප්‍රයත්නයකිනි...මලමිනියේ හිස තිබුනේ නැත.. ඔරු කද හරහට දමා තිබූ හිස නැති බෙල්ලෙන් වෑස්සෙන රුධිරය නිසා තෙත් වූ මඩ පිලි ගදින් යුක්ත විය... 

" සමන්තය ඕක නෙමෙයි අරහෙ බලපන්... " 
ඔහු අත දිගු කර කුඹුක් ගස පෙන්වීය....

" අනෙ අම්මො....."

 මට කියවිනි...
කුඹුක් අත්තක අමුනා තිබුනේ හිසකි... එහි ඇස් උගුල්ලා තිබූ නිසා හිස් කුහර තුලින් මොලය පෙනේ යැයි සිතෙන තරමටම එය අප්‍රසන්න ය... 
මෙය යකශණියකගේ පලිගැනීමක් බවත් මුලු ගමටම සාපයක් වැදි ඇති බවත් ගමටම ශාන්ති කර්මයක් කල යුතු බවත් එතන සිටි උන් කසු කුසු ගාන්නට විය. 

" මේ ජෝන ගෙ කසිප්පු වාඩියෙ අනිත් ගෝලයා.." 
කියමින් වසන්ත එතනින් ඉවත්ව ගියේ ඒ සිද්දිය මා දන්නෙ නැතැයි සිතා විය හැක.

සේපාලි  අවතාරයක් වී ඇයට කරදර කල අයගෙන් පලි ගන්නවා යැයි දැන් සැකයක් නැත... අනෙ දෙවියනේ ඇගේ මරණය ට ඈ මගෙන් පලි ගන්නවා නිසැකය.... දැන් මා කුමක් කරම්ද.. 

ම සිතට පහල වූ එකම අදහස ගමෙන් පිට විය යුතුය යන්න විතරයි...  

" මල්ලි.. මල්ලි .." 
වැව් කන්ඩිය මත නගිමින් සිටි බේකරියෙ මල්ලි මා නවතා ගතිමි..
" දුමියා... මං හෙට පාන්දර ගමෙන් යන්න කියල බැලුවෙ.. අපෙ ගෙදර ඉදන් ආවොත් පාන්දර බස් එක අල්ල ගන්න බෑ... මං අද රෑ උබලගේ ගෙදර එනවා.."

"මොකො බං හදිස්සියෙ... "

" කොලඹ ජීව්තේ දාහෙන් සම්පතක් බං මේ වෙන ඒව එක්ක බලද්දි.."

" හ්ම් හ්ම් ඕන මගුලක් වරෙන්කො වරෙන්කො..." 

...........................................................................

හතෙ කණිසම ට ආසන්නය.. වෙනදාට වඩා කලින්ම අද අදුර රජ කර ඇත.. දහසක් බොරු ගොතා මව සනසා ගෙදරින් බැස්සේ මගෙ ජීවිතයේ අවසානය මේ ගමේ හිදීම බව දැනුන නිසාය. දැන් ගම්මුන් සවස 6න් පසු එලියට බහින්නටත් බයය... පාර දෙපස රජ කලේ ගෙම්බන් හා රැහැයියන් පමණි...එහෙයින් මුලු ගමම පාලුවට ගොස් ඇත.. 

වැඩ නිමවා කූඩු බලා යන කපුටන් හා කොකුන්ගේ නොනවතින හඩත්.. හිසේ ගෑවී නොගෑවී යන වවුලන්ගේ අත් තටු වදින හඩත්. ගොම්ම්න් අහසේ ඈතින් තැනින් තැන විහිදී යන විදුලි එලියත් මට කියාපෑවේ මරණයේ ධූතිකාව මා අසලම ගැවසෙන බවයි..

දුමින්දගේ ගෙදරට යාමට වැව පසු කල යුතුමය.. සිතට ශක්තිය ගෙන තොටුපළ දෙස නොබලා ගමන් කල යුතු යැයි සිතුනත් ඇස් කොණෙන් දුටු චායව ක් නිසා එය නිශ්ඵල විය. . කවුරුන් හෝ මා ලුහුබදින හඩ ඇසී මා නතර වුනෙමි .. පසුපස බැලීමට වුවමනා වුවත් ඇති වූ බිය නිසාම ගල් ගැසී ඇස් වසා ගතිමි..

වැව් කන්ඩියේ බොරලු පොඩි කරන " කරස් කරස්" හඩ නංවමින් ඒ අඩි ශබ්දය මා වෙතට ඇදෙයි... දහඩියෙන් නැහැවී ඇති මාගේ දෙපා පන නැතිව වැටෙන්නට ආසන්නය... පසු පස හැරී බැලීම හැර වෙන කල හැක්කක් නැත.. මා හිස හැරෙව්වා පමණි 

" එපා.... එපා... අනෙ එපා ....." කීමට ලැබුනේ එපමණකි ..... හිස හරහා යමක් වැදී බිම පතිත විය. 

...........................................................

" අඩෝ නැගිටපන් ......" 

මුහුණ ට වැදුනු වේගවත් ජල පහර නිසා ගැස්සී ඇහැරුනෙමි... ඒ ඇසුනේ පිරිමි කට හඩකි.. හිසට වැදුනු පහර නිසාත් අදුර නිසාත් සියල්ල බොදවී තිබුනි... සිටින තැන නිශ්චය කරගත නොහැකි වුවත් පාලු මඩුවක් බව පැහැදිලිය...

" වසන්ත උඹ....."
මා ඉදිරියට විත් සිටගත් වසන්ත දැක පුදුමයෙන් මා ඇසීමි. 

" ඔව් මම තමයි.... හිතුවද මං උඹට ලේසියෙන් යන්න දෙයි කියලා ... උඹ හිතුවද මං මුකුත් දන් නෑ කියලා ... අරුන් දෙන්න යැව්ව ගමන අද උබවත් යවනවා.. "

" ඒත් ඒත් සේපාලී....."

" හ හා හා හා...."
ඔහු වියරු ලෙස සිනාසීය.. 
"  සේපාලී ඉතිං මොකද.... උබ අවුරුදු ගානක් කොලඹ ඉදලත් විශ්ව විද්‍යාල ගිහිල්ලත් ඔය මනස්ගාත විස්වාස කරනවාද යකො... හ හා හා   ."

" එ එ එතකොට අරුන් මැරුවෙ... අර තොටුපළ ලග හිටපු කෙල්ල.." 

"  මේ ගමේ ඔක්කම වගේ උබත් මෝඩ වුනා... උබ එදා සේපාලි එක්ක ඔරු පදින්න ගිහින් උබ කරපු දේ මං බලන් හිටියේ.. උබ ගියාට පස්සෙ මමයි ඔරුවක ගිහින් ඒකිගෙ මිනිය ගෙනත් ඉවුරේ තිබ්බෙ... ඒකි මට කැමති වෙන්න ඔන්න මෙන්න ඉද්දි උබ ඒ ඔක්කම විනාස කලා... මට වඩා උබව ඒකිට ලොකු උනා එදා නොමලත් මං කොහොමත් ඕකිව මරණවා( මගේ කොපුල් තදින් මිරිකමින් ඔහු ගිගිරුවේය )

ඒත් මං කලබල උනේ නෑ ඒකිගෙ මල්ලෙ අලුත් ගවුමක් තිබ්බ.. මගෙ තරහ කාරයො ඔක්කගෙන්ම පලි ගන්න මේක හොදම අවස්තාව කියල මට තෙරුනා ...
ගමේ උන්ට පේන්න මං මෙ ගවුම ඇගේ දාගෙන සේපාලි හොල්මන් කරන බව ඇගෙවුවා.. තව පොඩ්ඩෙන් උබට ඒක එදා අහු වෙනවා..

ඒකි ට කරදර කරපු උන් දෙන්නව මරල දැම්මෙ ඒකිගෙ අවතාරෙ පලි ගන්න ඇවිත් කියලා ඔප්පු කරන්න.. උබත් ගමේ උනුත් ලේසියෙන් ඒ ලණුව ගිල්ලා..මට පලි ගන්න තව උන් හිටිය ඒත් කරුමෙට උබ ගම දාලා පැනල යන්න ගිහින් ඒක ඉක්මන් කර ගත්තා... " 

කියා ඔහු අතට ගත්තේ පොරවකි... ඔහු මට එල්ල කල දරුණු පා පහර නිසා මා විසි වී ගොස් මඩුවේ තිබූ පරාලයක හිස පිටුපස තදින් වැදුනි.. වැදුනු පහරට ඇස් කදුලින් පිරී දෙකන් අගුලු වැටී සියල්ල හීනයක් මෙන් අපැහැදිලි විය... දර්ශන සියල්ල සෙමින් ගමන් කලේය ඇසුනේ " කී..... ං" යන දෝංකාරය පමණි.

" අනේ වසන්ත එපා එපා..  මට යන්න දීපන්..." 
කෑ ගසමින් මං දෑත් වලින් ඇස් වසා ගතිමි.. 
ඒත් සමගම ආ තද සුලගකින් දොරක් වැසී යන හැඩ ඇසී වසන්ත ඒ දෙස බැලීය ... 

සුලු මොහොතකට දැඩි නිහැඩියාවක් පැතිරිනි... සිහියත් අවසිහියත් අතර සිටි මාගේ දහඩියෙන් තෙත් වූ මුහුණට අපහසුවෙන් හුස්ම ගන්නා තාලයට උණුසුම් සුලං වදින්නට විය... මගෙ කන් පෙති වලට ඉතාමත් ලගින් උගුරේ යමක් හිරවී ඇති කෙනෙක් හුස්ම ගන්නා.. " හර්ර්ර්ර්ර්.... ගර්ර්ර්ර් ....." වැනි හඩක් පැහැදිලිව ඇසිනි..  

ඇස් ගෙඩි 2 එලියට පැනීමට තරම් බයෙන් වසන්ත මා දෙස බලා සිටියේ ඔහුට පාලනය කල නොහැකි තරම් වෙවුලමිනි .... නැවත සියල්ල නිහඩ විය...

නිහැඩියාව බින්දේ මඩුවට එපිටින් ඇසෙන " සිලිං සිලිං " හඩකි.... අසාමන්‍ය අත්භූත බලවේගයක් අප වටා කැරකෙන බව වසන්තටද වැටහුන බව ඔහුගේ මුහුණෙන් මනා ව දිස් විය... පොරොව ද අතැතිව වසන්ත මඩුවෙන් එලියට බැස්සේ ඒ කුමක්දැයි බැලීමට විය හැකිය.. 

" එපා..... එපා..... මට ඉන්න දීපං..... එපා....."
වසන්ත කෑ ගැසීය... 

" ආ..... ...."
ඒ ඇසුනේ යටි ගිරියෙන් මර හඩ දුන් ගැහැණු හඩකි... 

" චරස්..." පොරෝ තලය යමක් හරහා යන හඩ ඇසුනි... 

නැවත සියල්ල නිහඩ ය... කුමක් වුනේද යැයි මා තනිව කල්පනා කලෙමි... 
" ලබ් ඩබ්.... සිලිං.... ලබ්ඩබ් .. සිලිං.... ලබ්ඩබ්...." 
බියෙන් මිරිකමින් ගැහෙන මගේ හදවතේ තාලයටම නැගෙන ඒ පා හඩ මා දැසට ඇදෙයි.....

කල හැක්කක් නොමැත පණ බේරා දිවීම හැර... අපහසුවෙන් නැගිට ගත් මා ඒ මේ අත වැදෙමින් හැපෙමින් දිවුවෙමි .. අපහසුවෙන් කටු පදුරු වලින් බේරෙමින් හැකි වේගයෙන් දිවුවෙමි.. මා මතු වූයේ වැව් බැම්ම ට වැටෙන ගුරු පාරකිනි.. වැව් කණ්ඩිය දියේ හන්දිය දෙසට දිවුවේ මිනිස් වාසයක් බලාපොරොත්තු විය හැකි එකම දිසාව එය නිසයි..

එලි වෙන ජාමය ආසන්න නිසා නගරයට යන ලංගම බසය එතැන නවතා තිබිණ ... 

"ආ කොලුවෝ ..මොකො හති දාගෙන දුවල . තව වෙලා තියනවා නැගල ඉන්ට...."

රියදුරු එඩ්වින් මාම කියත්ම එයට ගොඩවී පසු පස අසුනේ වකුටු වී ගුලි ගැසුනේ පලා යෑම හැර වෙන විකල්පයක් නොමැති නිසාය.. අසුනේ කිසිවෙක් නොමැති නිසා ඩිගටි අසුනේ ඇල වුනෙමි.. 

" ම්ම්ම් හ්ම්ම්ම්ම් ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්...."
තාලයට ඉහල පහල ගන්නා දිගටි උණුසුම් හුස්ම නැවතත් මගෙ කම්මුල් හරහා ගලා ගියෙන් මා ගැස්සී ඇහැරුනෙමි... යාන්තමින් එලිය වැටෙන්න පටන් ගෙන ඇත බසයට තව පිරිමි කිහිප දෙනෙක් ගොඩ වී ඇත.. 

ජනේලයෙන් ඉවත බැලූ මට පෙනුනේ ඈත සිට වේගයෙන් දිව එන කොලු ගැටයෙකි... 

" එඩ්වින් මාමේ... එඩ්වින් මාමේ... "

" මොකෝ බොල මේ..."

" කු කු කුඹුක් ගහ තොටුපළ ලග වස් වසන්තය මරා දාලා...."

" හත් දෙයියනේ ....." 
කියූ එඩ්වින් බසයෙන් පැන දුවත්ම අනෙක් සියල්ලෝම ඔහු අනුගමනය කලෝය..  

 වසන්ත තොටුපළ ලග... කිසිසේත්ම විය නොහැකිය.... මාද ඔවුන් සමග දිවුවෙමි ... බසයෙන් බැස ආ පිරිසට අමතරව තව කිහිපයක් එතැන රැස්වී සිටියහ.. 

ඔහු ගේ සිරුර තිබුනේ කුඹුක් ගසේ අත්තක් මතය.. සාමන්‍ය මනුස්සයෙකුට කල නොහැකි තරම් අස්වාභාවික ලෙස උගේ සිරුර කොන්දෙන් දෙකට කැඩී පිට පැත්තට දුන්නක් ලෙස නැවී අත්ත මත රැදි තිබුනේ හිස දෙපලු වන පරිදි වැදුණු පොරෝ පහරක් සමගිනි.. අහෝ දෙවියනේ එය බැලීමට නොහැකි තරම් ඛේදනීය ය..

නමුත් මෙය සිදු වූයේ කෙසේද... අරන් මැරුවේ වසන්ත නම් වසන්තව මැරුවේ කවුද.... ඒ සලඹ හඩ රැවටීමක් ද නැතිනම් ඒ සේපාලිද... සේපාලිගේ ඊලග ගොදුර මමද.... ප්‍රශ්නාවලියක මා අතරමං වී ඇත... 

............................................................................

" සිලිං .... සිලිං... සිලිං... සිලිං ..."
මා තිගැස්සී ඇහැරුනෙමි .... 

අදුරේම මේසය අත ගා බැලුවේ මගේ නිදි පෙති බෝතලය සොයා ගැනීමටයි.. 1970 මුල භාගයේ වසන්තගේ මරණයෙන් පසු කොලඹ පදිංචියට විත් වසර 10 කටත් වඩා ගත වී ඇත. අවාසනාවත අනතුරකින් මගේ බිරිද මියගොස් මාස 3ක්වත් නැත... නිදි පෙති 2ක් ගිල නැවත නින්දට වැටුනේ සැප නින්දක් සොයමිනි.. 

"ම්ම්ම්ම්ම්ම්ම් හ්ම්ම්ම්ම්ම්ම්..... තනි වෙන්න එපා...." මගෙ දකුණු කන අසල කෙදිරීමක් ඇසේ... මා ඒ දෙස හැරුනෙමි 

"නෑ..... මොනවා.... සේපාලි......"

නිමි....

..

--
...:::SDJ:::...Creation

නිහඬ නොවූ ආත්මය

උපුටා ගැනිමකි  මුල් රචකයාට සම්පුර්න්න ස්තුතිය,
ඔහු නමින් ,අමිල වක්‍රමසින්හ|
  
විශේෂයි : මට දැනෙන විදිහට අද කතාව ටිකක් සැරයි. අධි සංවේදී අය ඉන්නවනම්, දැන් රෑවෙලා නම් - කතාව කියවන අතර මැද්දෙ විදුලි විසන්ධි ඉවීමක් ඇති වෙන්නෙ නෑ කියලා සහතිකනම් කියවන්න. නැත්තම් tab එක  close කරලා යන එකට මම ගොඩක් කැමතියි.
 ලැබුණු විස්තරවලට අනුව නම්  මේ කතාව හැත්තෑ ගණන්වල කුරුණෑගල පැත්තෙ සිද්ධවෙච්ච දෙයක්.

තනිකම - ඒක ආත්මීය දෙයක්.හදවතේ ගැඹුරුම තැනට දැනෙන හැඟීමක්.විශ්වාස කරන්න. මට අහන්න තියෙන්නෙ එක දෙයයි.ඒ ගැඹුරු හැඟීම දැනෙන්නේ හදවත් ඇති එවුන්ට විතරද?උන්ට...............උන්ට ඒ දේ අයිති නැද්ද? මම...........ආයෙත් අහන්නම්.......

දවසක මටත් ඔබටත් තනිකම දැනෙන්නෙ ඇති.ඒත්......... අපට කවදාවත් තනිවෙන්න නම්  බැහැ.ඕන වුණත් ඒක කරන්න බෑ.මේ මොහොතෙත් ඔබ වටාම  උන් ඇති.උරහිසට උඩින්, මේ පෝස්ට් එක දිහා උනුත් බලාගෙන ඇති ඇති.

එපා ..........කරුණාකරල පිටිපස්ස හැරෙන්නනම් එපා. පොඩ්ඩක් ඇහුම්කන් දෙන්න.......ඒ හීනි කෙඳිරිල්ල ඇහෙනවද? එහෙම නැත්තං හීනි සීතලක් බෙල්ල දෙපැත්තතෙන් පටන් අරන් කන්දෙක පැත්තට ඇදිල යන හැටි දැනෙනවද?

මතක් කරගන්න.අන්තිමට මළ ගෙදරකට ගියේ කවද්ද? මං දන්නවා....ඔබට මතකයි. මිනියෙ ඔළුව ළඟින් පත්තු කරපු පොල්තෙල් පහනේ දැල්ල හෙලවෙන හැටි ඔබට මතකයි. ගොඩක් දේවල් ඔබ දකින්න ඇති.ඒත්...............ඔබ නොදැකපු දේවල්!!!

මේ ...........ඒ ගැන.

මයුරි මළේ දියේ ගිලිලා. එහෙම කිව්වෙ මිනිය වැව් ඉවුරේ අතැරල දාපු මංකඩකට ගොඩ ගහල තිබිච්ච නිසා.මුනින් අතට හැරිලා ඔහේ බාගෙට වතුරේ පාවි පාවි තිබුණු මිනිය මුලින්ම දැක්කේ හවස් ජාමේ කබල් බයිසිකලෙත් තල්ලු කරගෙන වෑකන්ද දිගේ ආපු මීවන ගෙදර විජේ.කන්ද දිගේ ඇඳිච්ච පාර මැදම බයිසිකලේ අතෑරලා දාපු විජේ, පැටලි පැටලි සරමත් කැහැපට ගහගන්න ගමන් වැවට බැස්සේ හිතේ ඉපදිච්ච කලබලේටමයි.

"යකුනේ..........වරෙල්ලා ඉක්මනට මෙහාට"

වැවට බහින ගමන් ම කෑගැහුවේ ඈත මංකඩක ජබු ගහමින් හිටි කොල්ලො රෑනකට.මුනින් අතට හැරිල තිබුණු මිනිය උඩුබැලි අතට හරවද්දි විජේගෙ ඇස් උඩ ගියා. පැයගාණක් තිස්සෙ වතුරට තැම්බිලා ඉදිමිලා තිවුණ වුණත් ඒ තොල් දෙක අයිති මයුරිට බව අඳුර ගන්න  අමාරු වුණේ නෑ.
  
ගමෙ කොල්ලන්ගේ රහස් ආදරයට නිරන්තරයෙන් පාත්‍ර වෙච්ච මයුරිට විජේත් කාලයක් ආදරය කළා. පරණ ආදරවන්තියව දෑතින්ම ඔසව ගෙන අමාරුවෙන් වෑකන්ද උඩට ගොඩවුණේ ඵලක් නැති බව දැන දැනමයි.මයුරිගේ දිය බේරෙන මල් ගවුම ඇඟේ ඇලුණා.තෙත් වෙච්ච කොණ්ඩේ පහස පවා විජේට දැනුණා.ඒත් මයුරි ගිහින්..........මයුරි යන්නම ගිහින්- කාටවත්ම නොකියාම.

ගමේ රූප සුන්දරිය වෙච්ච මයුරිගෙ මරණය ගම්මානෙ පුරාම පැතිරිලා යන්න වැඩිවෙලාවක් ගත වුණේ නැහැ.
ගම්සබා පාරේ අඹගස්පිටිය හන්දිය දිහායින් මුළු හවස් ජාමේම ඇහෙන්න වුණේ මයුරිලෑ අම්මගෙ විලාපය.ගුණසීල අප්පු ගෝනි රෙද්දක ඔතාගත්තු ආම්පන්න ටිකත් කිහිලි ගන්නගෙන අඹගස්පිටිය දිහාට ඇදුණෙ මේ වෙලාවෙදිමයි. වෙනදා මේ ගමන තමන් එක්ක එන ඇළගාව ගෙදර  කොළුවා හදිස්සියේ අසනීප වීම නිසා ගුණසීල අප්පු උදව්වට අඬගහ ගත්තේ අක්කගෙ ලොකු පුතා - නන්දන.ඒත් මේ ගමනට නන්දනගෙ නම් ලොකු කැමැත්තක් තිබුණේ නැහැ.

මයුරිගෙ මළ මිනිය ගේ පිටිපස්සෙ පිළේ එළපු පැදුරක් උඩ දාලා තිබුණා. ගුණසීල අප්පු ආ බව දැක්ක, මිනිය වටේට කටවල් ඇරගෙන කම්මුලේ අත ගහගෙන බලා හිටි ගෑණු මිනිස්සු එකා දෙන්නා එතනින් හැලිලා ගියේ ගේ ඉස්සරහ පැත්තට.

"ඕං ඔය කෙල්ලව අල්ලලා අරෙහෙට ගනිල්ල බලන්ඩ"

ගුණසීල පහළ මඩුව දිහාට අත දිගුකරලා කීවේ උඩු තල්ලෙන් යටි තල්ලට හපේ මාරු කරන ගමන්මයි. ඉතිරිවෙලා හිටි තරුණ වයසේ ගැටව් කිහිපදෙනා පැදුර පිටින්ම මළ මිනිය කර තියාන අරං ගියේ පහළ වත්තේ පාළු මඩුවට. 

රෑ කෑම කලින්ම ගත්තත් ගුණසීල අප්පු අලුතෙන් කොටපු විටකුත් හප හපා නන්දනත් එක්ක මඩුවට එද්දි  අටත් පහුවෙලා තියෙන්නැති.එතෙක් වෙලා මිනියට තනි රැක්ක කොල්ලො මඩුවෙන් පිටවෙලා ගියේ ගුණසීල වචනයක්වත් කතා  කරන්න කලින්. සමහරවිට ඊළඟ සිද්ධ වෙන දේ ඉවෙන්වගේ දැනිණු නිසා වෙන්නැති. පාළු මුස්පේන්තු මඩුවේ යටලීයක කෙළවරේ එල්ලලා තිබුණේ මලානික එළියක් විහිදුවපු ලන්තෑරුමක්.ඇඟ සලිත කරගෙන හමපු හීනි හුළඟකින් පැද්දුනු ලන්තෑරුමේ එළිය නන්දනගෙ ඇස්වලට ගෙනාවේ නම් හිරිහැරයක් .
ටිකක් වෙලා කරුවලට වැඳගෙන මොන මොනවදෝ කොඳුරපු ගුණසීල අප්පු නන්දන දිහාවට හැරුණා.

"පුතේ.............ඔය කහ වතුර පනිට්ටුව මෙහාට ගනිංකෝ"

ඔතලා තිබුණු මළමිනිය නිරාවරණය කරන ගමන් ගුණසීල නන්දනට කීවා.මිනිය පුරා කහවතුර ඉහපු මාමා පනිට්ටුව පැත්තකින් තියද්දි යකඩ අණ්ඩ තහඩුවේ වැදිලා නගපු හඬත් උත්සාහ කළේ නන්දනගේ හිතේ තිබුණු බය - චකිතය වැඩි කරන්න. ඊළඟට හිමින් සැරේ ගෝනි රෙද්ද දිගහැරපු ගුණසීල අප්පු තමන්ගේ ආම්පන්න එකින් එක එළියට ගත්තා.මිනියේ විලි වහලා තිබිච්ච දේවල් අහවර කළාට පස්සේ 'වී අකුරේ' හැඩේට පපුව හරහා පළවෙනි කැපුම කළේ එක හමාරේ තලයෙන්.ඔහේ බේරිච්ච ලේ ටික මයුරි මැරෙද්දි ඇඳන් හිටිගවුමෙන්ම පිහදාපු ගුණසීල අතට ගත්තේ තුන්කාලේ පිහිතලේ. ඒකෙන් පපුව ළඟ ඉඳන් පහළට වෙනකන් කැපුමක් කරන හැටි නන්දන බලා හිටියා. කැපුම් පාරවල් ළඟින් හම දෙපැත්තට ඇදපු ගුණසීල අතුණුබහන් කොටස් එක එක ළඟින් තිබුණු පනිට්ටුවට දාන්න වුණා.මස් කැලති වලින් පිරිච්ච පනිට්ටුව දිහා නන්දන බැලුවේ අප්පිරියාවෙන්. 

"තලේ හොඳටම ගෙවිලනේ.මං මේක විගහට ගාගෙන එන්නං.උඹ කොහෙවත් නොයා මෙතනම හිටපන්.හොඳද?"

තවත් කැපුමක් කරන්න පිහි තලයක් අතට ගත් ගුණසීල නන්දනට කෙඳිරුවා.නන්දන කළේ ඔළුව වනන එක විතරයි. තමන්ගේ මාමා අඳුරේම නොපෙනී යන හැටි නන්දන බලා හිටියා.ඒත් හවස ගෙනා හැලි අරක්කු බෝතලේ යන්න කලින් ගුණසීල අප්පුගේ අතට තුරුළුවුනු හැටි දැක්ක නන්දනට මාමාගේ සැබෑ වුවමනාව වටහා ගන්න අමාරු වුණේ නැහැ.නන්දන තනි වුණා- බාගෙට කපලා දාපු මළ මිනියක් එක්කම - පාළු මූසල මඩුවක.ඈතින් බල්ලෙක්ගේ උඩු බිරීම ඇහුණු නන්දනගේ කොඳු ඇට පෙළදිගේ සීතලක් ඇදීගියා.

කාලකණ්ණි හෝරාවක නන්දන පාළු කපමින් හිටියා - මිනියකට.

ගුණසීල පිටවෙලා ගිහින් සෑහෙන වෙලාවක් ගතවෙලා තිබුණා.නන්දන අඳුර දිහා බලාන හිටියේ නොඉවසිල්ලෙන්.හිතේ උපන් බ්ය ඔළුවේ මවන්න වුණේ නොයෙක් විකාර රූප.නන්දන මඩුවෙන් පිටතට ඇවිත් හෙමින් හෙමින් තමන්ගේ මාමා ගිය දිහාවට අඩිය තියන්න වුණා.වත්ත පහළ කැළෑව මැද පස් කණ්ඩියක් උඩට වෙලා බෝතලේ හිස්කරමින් හිටි ගුණසීල අප්පුව හොයාගන්න නන්දනට අමාරු වුණේ නැහැ.

"මාමේ"

නන්දනත් පස්කණ්ඩිය උඩින් ඉඳගත්තේ එහෙම කියන ගමන්මයි.

"ආ........උඹද? මං මේ............හෙහෙ"

ගුණසීල මත්වෙච්ච නෙත්වලින් නන්දන දිහා බලන ගමන් හිනාවක් පෑවා.මේ වෙද්දි නන්දනගේ බයත් නැතිවෙලා තිබුණේ.තමන්ගේ මාමා ළඟ ඉන්න එක නන්දනගේ හිතට ගෙන ආවේ ලොකු හයියක් - විශේෂයෙන්ම ඒ වගේ මුස්පේන්තු ජාමයක.

"පුතේ............කවුද මඩුවට ආවේ?"

ගුණසීල එහෙම ඇහුවේ බෝතලෙන් තවත් ටිකක් උගුරට හලාගන්න ගමන්.

"කවුරුවත් ආවේ නෑ මාමා.කම්මැලි හිතුණා....ඒකයි මං මේ පැත්තට ආවේ"

"ඈ..............එතකොට දැන් මඩුවේ කවුරුවත් නැද්ද? උඹ මිනිය තනිකරලද ආවේ?"

ගුණසීල ඇස් ලොකු කරමින් පුදුමයෙන් අහද්දි නන්දනගේ බය ආයෙත්  වැඩිවුණේ නිමේෂයෙන්.

"ඔ....ඔව්.ඇයි මාමා?"

නන්දන ගොතගැහුවා.උන් තැනින් නැගිටගත් ගුණසීල අප්පු අමු තිත්ත කුණු හරුපයෙන් බනිමින් දුවන්න වුණේ මඩුව දිහාට.ඒ මුහුණේ මතුවුණු හැඟීම් නන්දනව තවදුරටත් කණ්ඩිය උඩ වාඩි කරවල තියන්න සමත් වුණේ නැහැ.දෙපයට වෙර දුන්නු නන්දනත් තමන්ගේ මාමා පස්සෙ වැටුණා.
ඒත්................ඒ වෙද්දිත් හොඳටම පරක්කුයි.වෙන්න ඕන දේවල් වෙලා ඉවරයි.නන්දනට දකින්න පුළුවන් වුණේ තමන් මඩුවෙන් පිටවෙලා යද්දි මිනිය තියලා තිවුණු මැස්ස සම්පූර්ණයෙන්ම හිස්වෙලා තියන හැටි.ගුණසීලගේ මුළු ඇඟම ගැහෙන හැටි නන්දන දැක්කා.ඒ මූණේ වෙරි මතට උඩින් තැවරිලා තිබුණේ මරණීය භීතිකාවක්. බලාන ඉද්දිම තමන්ගෙ උරහිසට උඩින් කරුවල දිහා බලාන හිටි ගුණසීලගේ මූණේ හැඟීම් වෙනස්වෙන හැටි නන්දනට පෙනුණා.ඇස් ලොකු වෙන හැටි; බාගෙට ඇරුණු කට තමන්ගෙ පිටිපස්සෙ සිද්ධ වෙමින් තිබුණ නොකී දේවල් ගොඩක් නන්දනට ඇඟවූවා.

 නන්දනට ශක්තියක් තිබුණේ නැහැ - තමන්ගෙ පිටිපස්සෙ වෙන දේවල් දිහා බලන්න.වෙව්ලුම් කන කකුල්වලට තව දුරටත් බර දරාගෙන ඉන්න බැරි බව දැනුණා.ඊළඟට සීතල හුළඟක් මූණ දෙපැත්තෙන් ඇදිලා ගියා. මිනිත්තුවක් විතර ගතවෙන්නැති.ගුණසීල මාමා ලොකු හුස්මක් හෙළලා නන්දනගේ ඇඟට වාරු වුණා.නන්දන පිටිපස්ස හැරිලා බැලූවේ ඊටත් පස්සෙයි.අන්ධකාරෙම මඩුවෙන් පිටවෙලා නිර්වස්තරේම ගොඩපර ගහ යටින් ගේ දිහාට ඇවිදගෙන යන මයුරි දැක්ක නන්දනගෙ මුළු ඇඟම සලිත වෙලා ගියා.

"මං උඹට කිව්ව............"

ඔළුවෙ අත්දෙක ගහගත්තු ගුණසීල අප්පු මැස්ස ළඟින් ඇණ තියාගත්තෙ නන්දනට රවමින්.ඒත් කතාකරගන්න තරම් හයියක් නන්දනට තිබුණේ නැහැ.

"යකෝ............මිනියක් තනි කරන්න එආ කියන්නේ අහවල් රෙද්දකට නෙමෙයි.ඒ මළ මිනිය වටේට භූතයො,පෙරේතයෝ,වෙන මළගිය ආත්ම සැරිසරන හින්දා.අලුත් සරීරයක් උන්ගෙ කරගන්න එවුන් හරි කැමති.මැරිච්ච එකා වුණත් තමන්ගෙ සරීරෙ දාලා එක පාරටම යන්ඩ කැමති නෑ බං. තමන් මැරෙනකන් බලාන හිටිය ප්‍රාණකාරයොත් එක්ක එකතුවෙලා ඒකිත් බලන් ඉන්නැති - මිනිය තනිවෙලා අවස්ථාවක් හම්බෙනකං. උඹ මාව කෑවා"

"ඉතිං....අ..අපි දැං මොකද කරන්නෙ මාමේ?"

නන්දන ඇහුවේ ගොතගහමින්.

"මොනව කරන්නද කියල මට නං තේරෙන්නෙ නෑ බං.මට බය ඕකි මොන දීපංකරේක යයිද කියලා.සමහරවිට..................ඒකිට ජීවත්වෙලා ඉද්දි වැඩියෙන්ම ආදරේ කරපු කෙනා හොයාගෙන යයි .ඒ වගේ දේවල් මං අහල තියනවා"

මාමාගේ කට හඬෙහි වූ පසුතැවීම වටහා ගන්නට නන්දනට අපහසු වුණේ නැත.ගුණසීල සැක සහිතව වුණත් කියපු දේ ඇත්ත වෙන්න හෝරා දෙක තුනකට වඩා ගත ගියේ නැහැ.

*    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *    *   

සවස් වරුවේ වූ සිද්ධිය ගැන හිතමින් සිටි විජේට නින්ද ආවේ රෑ මැද ඇද හැලුණු වැස්සත් එක්කමයි. සීතලට ,ගෙදර පිලේ තිබුණු ඇඳේ හොඳ හැටි ගුලිවෙමින් නිසා ගත්තු විජේ, පාන්දර ජාමේ ඇහැරුණේ තෙත් වෙච්ච දෙයක් තමන්ගෙ මූණෙ ගෑවෙනවා දැනිලා. හෙමින් සැරේ අනික් ඇලයට හැරුණු ගමන්.......... දැක්ක දෙයින් බය වෙච්ච විජේ ඇඳෙන් පැන්නෙ මුළු ගමටම ඇහෙන්න කෑ ගහගෙන. ගෙදර පැලැලි දොර ඇරගෙන ඇතුළේ නිදාවුන් අය මිදුලට එන්න වැඩිවෙලාවක් ගියේ නැහැ.ඒ වෙද්දි විජේ මිදුල මැද්දේ වැටිලා හිටියේ සිහි විකලෙන් වගේ.

ගමේ හැම පැත්තෙන්ම ඇදිලා ආපු හුළු අතුවලින් මිදුල ආලෝකමත් වෙද්දි විජේගේ අත හෙමින් සැරේ යොමුවුණේ පිළේ තියලා තිබිච්ච ඇඳ දිහාවට...........

බාගෙට අයින්කළ අතුණුබහන් එක්කම විජේගේ ඇඳේ වැතිරිලා තිබුණේ මයුරිගේ  මළ මිනිය - තෙත කොණ්ඩේ කෙළවරයි එක අතකුයි තිබුණේ ඇඳෙන් පහළට එල්ලි එල්ලි. ඒත් ඒ ඇස් ...........ඒ ඇස් ඇරිලා තිබුණා - කාටව්ත් හිතා ගන්න අමාරු විදිහේ ගුප්ත ආදරයක් දක්වමින්............

වළව්වේ ශාපය

පෙළපත් දෙකක්ම සුනුවිසුනු කල මඩුවන්විල වලවුවේ ශාපය පිළිබද සැගවුණු කතාව මෙන්න

මුළු මහත් නින්දගමම නිදිවර්ජිතව බලා සිටින්නේ කොයි මොහොතේ කෙබඳු පණිවිඩයක් වලව්වෙන් ඒද කියාය. අක්කර හතළිස් දහසකට ආසන්න නින්දගම් භූමිය පුරා අණසක පැතිරූ 'මඩුවන්වෙල දිසාවේ' සිය සයනයේ හාන්සි වී මහත් ආයාසයෙන් හුස්ම ගනිමින් සිටියි. කෙර මැණිකේ තමන්ගේ එකම ශක්තිය වූ පියාණන්ගේ අවසන් මොහොත දෙස වික්ෂිප්තව බලා සිටින්නේ මින් මතු තමන්ට වන්නේ කුමක්දැයි නොදැනය. කලවානේ මැණිකේ සිය සැමියා දෙස ආදරයත් සානුකම්පාවත් මුසු වූ හැඟුමින් බලා සිටින්නීය. එහෙත් දිසාවේට එය දැනෙන්නේ කුමාරිහාමි කලකිරීමෙන් තමන් දෙස බලා සිටිනවා සේය.

මුල් මැණිකේ කොර වූ දියණියක උරුම කර මෙලොව හැර ගිය පසු තමන්වත් ඒ දියණියත් බලාගත්තේ කලවානේ මැණිකේ බව ඔහුගේ හෘදයසාක්ෂිය හොඳින් දනී. එහෙත් දේපළ සම්බන්ධව තීරණයේදී තමන්ගේ ආබාධිත දියණිය මෙන්ම බිරිය මේ මහා නින්දගමේ උරුමයෙන් ඉවත් කිරීමට දිසාවේ ගත් තීරණය ඔහුගේ සිතට වද දෙයි.

මඩුවන්වෙල පෙළපත් නාමය ගත්තද ඒ නමට තමන්ගේ සැබෑ හිමිකමක් නොතිබුණු බවද ඔහුගේ සිත කකියන්නට හේතුවකි. සිය තරුණ මව හා විවාහ වී සිටි මඩුවන්වල නමැත්තා තමන් පිළිසිඳ ගන්නටත් පෙර මිය ගිය බව ඔහු දනී. එනිසා මඩුවන්වෙල පරපුර අවසන් වූයේ තමා බිහි වන්නටත් පෙර බව ඔහුට සිහි වෙයි. තමන්ගේ සැබෑ පියා වූ මවගේ දෙවැනි කසාදයේ මොලමුරේ ලේ උරුමයට මඩුවන්වෙල දිසාවේ සිය දේපළ පවරන්නේ සැක සංකා දෙකක් පෙරදැරිවය. එකක් නම්, තම මව කළා මෙන්ම කලවානේ මැණිකේද තමන්ගෙන් පසු තනි නොතනියට නොගැළපෙන බින්නයක් කරගත හොත් නුසුදුස්සකුට නින්දගම් උරුමය පැවරෙන්නේය.

දෙවැන්න තම ආබාධිත දියණිය – කොර මැණිකේගේ දුර්වලකමින් සල්ලාලයකු ප්‍රයෝජන ගත හොත් ඒ නොහොබිනාකමේ ප්‍රතිඵලය තමන් භුක්තිවිඳි දේපළ සියල්ලට වග කියනු ඇත. මේ දෙකරුණම රදළ දේපළ සම්මතයට විරුද්ධය. එහෙත් කලවානේ මැණිකේගේ මෙන්ම කෙර මැණිකේගේ හදවතේ වේදනාව මඩුවන්වෙල නමට මෙන්ම මොලමුරේ පරපුරට ශාප කරනු ඇත්දැයි ඔහුට සැකයක්ද මතු වෙයි.
ඔහුගේ තේජස ගතේ වේදනාවෙන් මැකිය නොහැකි වුවත් හදවතේ වේදනාවෙන් මැකී ගොස් ඇද්දැයි කලවානේ මැණිකේටද සිතේ.

දිසාවේගේ හොඳම ගෝලයා වූ ජුවානිස් අමතන මැණිකේ පන්සල වෙත සේවකයකු යවා නායක ස්වාමීන් වහන්සේට තොරතුරු දන්වා වඩම්මන්නැයි උපදෙස් දෙයි. වෙනෙකකු ගියහොත් පමා වේයැයි සිතා ජුවානිස්ම නාහිමියන් සොයා දිව යයි. හාමුදුරුවන් වෙත වැඳ නමස්කාර කොට සිය 'හාන්දුරුවන්ගේ' තත්ත්වය පැහැදිලි කරන ඔහු සමඟ නාහිමියන් වලව්වට වඩින්නේ තවත් දෙනමක් කැටුව පිරිත් දේශනා කීරීමටය. අභිමානවත් සිංහල බෞද්ධයකු වූ මඩුවන්වෙල දිසාවේ වෙව්ලන දෑත් එක් කොට සංඝයා වහන්සේට නමස්කාර කිරීමට උත්සාහ දරයි.

ඔහුගේ මුවින් නිකුත් වූ අවසන් අණ වූයේ නාහිමියන්ට පූජා කිරීමට වලව්වේ භාණ්ඩ කීපයක් ගෙන එන ලෙස සිහින් හඬින් සේවකයන්ට කළ දැන්වීමයි. පිරිත් සජ්ඣායනය අවසන් වීමට පෙරම තෙවරක් සාධුකාර දෙන දිසාවේ සිය සිය අවසන් සුසුම වාතලයට මුසු කළේය. අක්කර හතළිස් දහසක් පමණ වූ නින්දගම පුරා මේ පණිවිඩය පැතිරීමට මිනිත්තු හතළිහක් වත් ගත නොවන්නට ඇත.

වලව්වේ මෙතෙක් පැවැති උත්සවවලදී මෙන්ම දිසාවේගේ අවසන් කටයුතුවලදීද සැරසිලිවලින් අඩුවක් නොවීමටත්, උඩරට චාරිත්‍රානුකූලව දේහය රැඳි චිතකය ගිනි දැල්වීමටත් පිරිස විසින් කටයුතු යොදන ලදි. මඩුවන්වල මුදලින්දාරාමාධිපති කෑල්ලේ සාරානන්ද හිමියන් ප්‍රමුඛ සංඝයා වහන්සේ පාංශුකූලය දුන්හ. කොතරම් හොඳ-නොහොඳ තිබුණද අවසන් හුස්ම හෙළූ අයකුගේ අගුණක් කීම සිංහලයේ පුරුද්දක් නොවේ.

එසේම මඩුවන්වෙල දිසාවේ වැන්නකු වෙනුවෙන් එය කෙසේ වත් සිදු වන්නේ නැත. එනිසා නැඟී සිටින්නේ රක්වානේ රණසිංහ කිවිඳුය:

පාදෙස් දෙස පෙරවර කිතුරැස් විහිදා
ලෝ උස් කුල නාගත ලෙළ දුන් වොරඳා
ජේමිස් විලියම් මඩුවන්වෙල මැතිඳා
සේ රැස් ගනරන් කොත බිඳ ගිය මෙසඳා
හිඟ මග අයට සහ නෑ මිතුරනට ළැදී
මහ රන් මසු කුඹුරු වතු පිටි පුදකරදී
කළ අණ එසවු මඩුවන්වෙලට ජය බැඳී
අගරජතුමා ඔබවද ඔටුනු නොපැලඳී

ඔටුනු නොපලන් රජකු ලෙස ආධිපත්‍ය පතුරමින්, අධිරාජ්‍යවාදීන්ගේ සුදු කුමාරයන්ට අභියෝග කරන්නට හැකි කළු කුමාරයකු ලෙස මඩුවන්වෙල දිසාවේට සිය තේජස පෙන්වන්නට හැකි වූයේ පරම්පරා ගණනක් පුරා අඛණ්ඩව වර්ධනය කරගත් ධනය, බලය, කීර්තිය නිසාය. ඒ ඉතිහාසයේ සොඳුරු අඳුරු තැන් ක්‍රිස්තු වර්ෂ 1521 දක්වා ගමන් කරන බව මඩුවන්වෙල ඉතිහාසය සොයන බොහෝ දෙනාගේ මතයයි. ඒ කතා මෙන්ම කාල තිරය සඟවන මඩුවන්වෙල කතා සොයා අපි ගියෙමු.

ඇඹිලිපිටියෙන් කොලොන්න බුළුතොට පාරේ සැතපුම් පහළොවක් පමණ මඟ ගෙවා කඳුවළල්ලකින් වට වූ නිම්නයක පිහිටි වලව් භූමිය ආසන්නයට මමත් සුදතුත් සමඟ ආචාර්ය අකිල විජය රාජපක්ෂ සහ උදය ඇමතියගොඩ බස්නායක නිලමේ රැගෙන පරිස්සමින් ළඟා වූයේ රියැදුරු චමින්දය. එහෙත් රජ මැඳුරක මෙන් පවුරු තුනකින් වට වූ වලව් භූමියේ පිටක පවුරේ ඇති ගල් උළුවස්සෙන් ඇතුළු වීම තහනම්ය.

මෙරට සිංහල පුරට අධිපති මැති උතුමන්ගේ විමන ගැනා
පාරට දොරටුව ගල් කණු කප්පා මල්වලිනුත් හැඩ වැඩ කරනා
වෙහෙරට රන් කොත සේ කලස් පිට මොනරුන් දිලිසෙමිනා
මෙරට පවතින ගල් උළුවස්සට කිව්වා සිව්පද සන්තොසිනා

මඩුවන්වෙල පිළිබඳ වෛද්‍ය ශාන්ත දුනුකාර ලියූ 'මඩුවන්වෙලට පියමං' පර්යේෂණාත්මක කෘතියේ ඇති කවියක් මට මතක් විය.
අපි අනෙක් දොරටුවෙන් ඇතුළු වීමු. දෙවැනි පවුරේ ගල් දොරටුවෙන් ඇතුළු වන අප පිළිගත්තේ විමලසිරි මහතාය.

"ඔය දොරටුවත් හදලා තියෙන්නේ සුද්දට හිස නමාගෙන එන්නලු. ඔතනින් අශ්වයා පිටේ ඔළුව කෙළින් තියන් එන්න පුළුවන් දිසාවේට විතරයි. අනෙක් හැමෝම අශ්වයාගෙන් බහින්න හරි හොඳටම නැවෙන්න හරි ඕනෑ. වලව්වට එන සුද්දන් මෙල්ල කරන්න තමයි ඔය ඔක්කොම කරලා තියෙන්නේ."
අක්කර දහස් ගණන ක්‍රමයෙන් හීන වී දැන් ඉතිරිව ඇත්තේ හාත් පස රූස්ස ගස්වලින් පිරුණු අක්කර හයක පමණ බිමකි. ඒ මැද අතීත ශ්‍රී විභූතියක සාක්ෂි පමණක් දරා සිටින වලව්ව පිහිටියේ පහන් කවුළු තාප්පයෙන් ආරක්ෂාව ලබමිනි. වලව්වක් ලෙස මෙය ගොඩ නැඟෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1700දී රාජ මුද්‍රාව සහිත තඹ උළුකැටයක් රජුගෙන් ලැබීමත් සමඟය.

එතෙක් පැවතුණේ පොල් අතු හෙවිල්ලූ තරමක නිවෙසක් ලෙසිනි. තඹ උළුකැටය ලැබෙන්නේ අපූරු ආකාරයකටය. මඩුවන්වෙල පරපුර පිළිබඳ පැරැණිම ලිඛිත සාක්ෂිය ලෙස සැලකෙන්නේ 1619දී ලියන ලද සපරගමු ලේකම් මිටියයි. දෙවැනි ලිඛිත සාක්ෂිය වන්නේ මේ තඹ උළුකැටයේ කතාවයි. එනිසා ඇතැමුන් සිතන්නේ මඩුවන්වෙල පරපුරේ මූලාරම්භය දාහත්වන සියවසින් ඇරඹෙන බවය. එහෙත් 'මඩුවන්වෙලට පියමං' පොතේ සටහන් වන අයුරින් මෙන්ම කුඩා කතරගම බස්නායක නිලමේ උදය ඇමතියගොඩ මහතා ගෙනෙන සාධක අනුව මඩුවන්වෙල පෙළපත ඇරැඹෙන්නේ 'විජයබා කොල්ලය' සමයේය.

"හයවැනි විජයබාහු රජ්ජුරුවන්ට පළමු බිසවගෙන් පුත්තු තුන්දෙනෙක් හිටියා. බුවනෙකබාහු, රයිගම් බණ්ඩාර සහ මායාදුන්නෙ කියලා. ඒත් තමන්ගෙන් පස්සේ ඔටුන්න හිමි කුමාරයා බවට නම් කරන්න යන්නේ දෙවැනි බිරියගේ කලින් විවාහයේ පුතා දේවරාජ. මේ කුමාරයා වයසිනුත් බාලයි. අනෙක මේක බිසවයි කඳුරේ බණ්ඩාර සහ ඒකනායක මුදලි කියන ප්‍රධාන ඇමැතිවරු දෙන්නෙකුයි කළ කුමන්ත්‍රණයක්. මේ ගැන ආරංචි වන කුමාරවරු උඩරට පාලනය කරන ජයවීර බණ්ඩාරත් උදවු කරගෙන පියරජතුමාට එරෙහිව සේනාව සංවිධානය කරනවා. වයසක රජතුමා බය වෙලා සාමසාකච්ඡා මඟින් විසඳුමකට එමු කියලා පණිවිඩ යවනවා. ඒකත් කුමන්ත්‍රණයේ කොටසක් කුමාරයන් අල්ලගන්න.

ඒ වුණත් කුමාරයන් කියන්නේ ඇමැතිවරු දෙන්නා දෙනවා නම් විතරක් සාකච්ඡාවට එකඟයි කියලයි. බැරිතැන ඇමැතිවරු දෙන්නා කුමාරවරුන් කඳවුරු බැඳලා තිබුණ කැලණියට එවලා වෙන උපායකින් පුතුන් තිදෙනාව අල්ලාගන්න රජ්ජුරුවෝ සැලසුම් කරනවා. ඒත් කැලණි යන අතරමඟදි ඒකනායක මුදලි පැනගන්නවා. කඳුරේ බණ්ඩාර කුමරවරුන්ගෙන් මැරුම්කනවා. පැනගත් ඒකනායක මුදලි සපරගමුවේ සාමාන්‍ය ගැමියෙක් වගේ හැංගිලා ඉන්නවා." ඇමතියගොඩ නිලමේ විස්තර කළේය. ඉතිරිය විමලසිරි මහතා සම්පූර්ණ කරයි.

"විජයබා කොල්ලයෙන් කුමාරවරු දිනපු බව දැනගත්තාම කොලොන්න පැත්තට පැනගන්න මුදලි මේ පාළු පෙනුම තිබෙන ස්වාභාවික කඳු වළල්ලෙන් වට වුණු ප්‍රදේශයේ තල්ගහ කොරටුවේ පුංචි ගෙයක් හදාගෙන අත්වල කරගැට එනකල් වගා වැඩ කරලා ඒකනායක නම හංගාගෙන හිටියා. හැබැයි ගම්මුන්ට උදවුපදවු කරලා ජනප්‍රසාදයටත් පත් වුණා. අද දෙදරන්ගමුව වෙහෙර කියන දෙබරන්ගමුව විහාරය එහෙම කළාට පස්සේ ඒකනායක ගම්මුන්ගේ ගෞරවනීය චරිතයක් වුණා. ගමේ හොඳ පවුලකින් පෙළවහකුත් කරගත්තා.

ඒ අයට ලැබුණා පුතෙක්. ඒකනායක මුදලි මේ පුතාට තමන්ගේ රහස කීවා ඒ වගේම දන්න හැම දේම ඉගැන්නුවා. තරුණ පුතා යනවා හේන් කොටන්න බල්ලන්දෑවට. එතැනදි තමයි අර හාවාට නරියා පැරදෙනවා දකින්නේ. හාවා කන් දෙක උස්සලා කකුල්දෙකෙන් හිටගෙන බැලුවලු නරියා දිහා නරියා බය වෙලා පැනලම දිව්වලු. ඒ තැන තමයි මේ වලව්වේ මුල් ගේ හදන්නේ. මේ තියෙන්නේ ඒ තැන."
කාමර කොටස් 131ක් සහ මැද මිදුල් 42ක් තිබූ වලව්වේ එක මැද මිදුලක් අලංකාරවත් අයුරින් වට කර තනා තිබේ.

ඒ හරියටම හාවාට නරියා බිය වූ ස්ථානය යැයි විශ්වාස කෙරේ. 'මඩුවන්වෙලට පියමං' පොතෙන් වෛද්‍ය ශාන්ත දුනුකාර තර්ක කරන්නේ ගම්පොළ රාජධානි සමයේ ආර්ය චක්‍රවර්තීන් දකුණ ආක්‍රමණය මෙල්ල කිරීමට බලකොටුවක් තැනීමට ස්ථානයක් සොයමින් සිටියදී තුන්වැනි වික්‍රමබාහු රජුගේ අග්‍ර පුරෝහිත නිශ්ශංක අලගක්කෝනාරට දියවන්නා ඔය අසල නයකුට මුගටියකු පරාද වූ බව දැනගන්නට ලැබී එතැන ජය බිමක් බව දැන කොටුව ඉදි කළේලු.

එවැනි දෑ දන්නේ රාජසභාවල උන් අය පමණි. එනිසා එවැනි දැනුමක් පුතුට එන්නේ ඒකනායක මුදලිඳුගේ පැරණි ඉගැන්වීම්වලින් විය යුතු බවයි. එනිසා මඩුවන්වෙල වලව්වේ ඉතිහාසය 1521 දක්වා ගමන් කළ යුතු නිසාය.
මේ පිළිබඳ තර්ක-විතර්ක කරමින් සිටින අපට දැනගන්නට ලැබුණේ අපූරු කතාවකි. ඒ අවසන් වශයෙන් මේ වලව්වේ විසූ මඩුවන්වෙල දිසාවේ උපන් කාමරයේදී කරලිනා හාමි නමින් සිටි සේවිකාවක දකින්නට ඇතැමුන්ට හැකි වන බවයි.

Tuesday, September 12, 2017

මරණයෙන් අවදිවූ සේපාලි

"තනි වෙන්න එපා . ."

" ආ පුලුවන් නම් කියන්න කවුද කියලා ....."
වැව් කණ්ඩිය මත වාඩි වී සමු ගන්නට මාන බලමින් සිටින හිරු දෙස බලමින් සිටි මගේ දෑස් වසමින් ඇය තාලයට ඇසීය. ඇගේ උනුසුම් හුස්ම මගේ කන් පෙති හා කම්මුල්
හරහා ගලා ගියේ මගෙ සියොලඟම රෝම ඩැහැගනිමින් .