Sunday, September 3, 2017

යාලුවගේ අම්මා



උපුටා ගන්නා ලදි .1997 අවුරුද්දේ, මම මේ කථාව ඇහුවේ.....අහල තවත් අයට කියලා, ඒ අයගේ හිතත් බය කළේ, අත්භූත දේවල්, හොල්මන් කියන්නේ 'කථාවලට' විතරක් සිමා උන, සුරංගනා කතාවල, භයානක පැත්ත විතරයි කියලා, ළගක් වෙනකන් මම, විශ්වාස කරපු නිසයි! 

එදා…., ආච්චි අම්මගෙයි, සියාගෙයි, විවාහයේ 50 වෙනි, සැමරුම දවසේ, පවත්වපු සාදයට ආරාධනා කරලා තිබුන, ආච්චි අම්මගේ, යාලුවෙකුගේ දුවක් වන, රෝසි ආන්ටි කියපු අත්භූත කතාවක් තමයි මේක!.... 


“මේ කථාව මට කිවුවේ, තරංග කියලා, මගේ ඔෆිස් එකේ ඉන්න යාලුවෙක්...., අවුරුදු 30 කටත් වඩා පරණ කතාවක්! එයාගේ අම්මා, සවුදි වල වැඩ කරන කාලේ, ළග ගේක උන සිද්ධියක්ලු!"......"ඉතින් කථාව මෙහෙමයි....” 


“යාළුවගේ අම්මා, වැඩට ඉදපු ගෙදරට, අල්ලපු ගෙදර, ඉදල තියෙන්නේ බේකරියක් කරපු මුස්ලිම් පවුලක්!.... ඒ ගෙදර ගැණු කෙනා, ෆාතිමා කියලා කෙනෙක්ලු!....ඉතින් ෆාතිමා ඒ පළාතේ උත්සව වලට ගිහින්, උයලා දෙන වැඩෙත් කරාලු…. එහෙම දවස් වලට මහා පාන්දර, ඒ සාදය පවත්වන ගෙදරට යන්න ඕනේලු උයන්න... ෆාතිමා හැම වෙලේම, තනියට එක්කන් ගියේ, යාළුවගේ අම්මවලු.....” 


“එක දවසක්, සාදයකට උයන්න එන්න කියලා තිබිලා, යාළුවගේ අම්මව එක්කන් යන්න, කතා කරගන්න ආවලු, කලින්දා හවස….., එත් එදා, යාළුවගේ අම්මා වැඩකරපු ගෙදරත්, ඊලග දවසේ සාදයකට ලෑස්ති වෙන නිසා, ඒ අම්මට යන්න වෙලා නැහැ.....,ඉතින් ෆාතිමා, ඊට ගෙවල් කීපයකට එහා, ගෙදරක වැඩ කරන, රිස්වානා කියලා ගැණු ළමයෙක්ව, කතාකරගත්තලු, පහුවදා පාන්දර යන්න!” 


කතා කරගත්තු හැටියට, රිස්වානා පොරොන්දු උනාලු, පාන්දර 3 වෙද්දී, ෆාතිමාගේ ගෙදරට එනවා කියලා, ගමන යන්න!..... එදා පාන්දර තුනේ ඉදලා, ෆාතිමා අවශ්‍ය බඩුත් ලෑස්ති කරගෙන බලන් ඉන්නවලු, රිස්වානා එනකන්!.... රිස්වානා ගේ ගෙදර, ෆාතිමාගේ ගෙදර ඉදලා, ගෙවල් දහයකට වගේ, එහායින් තිබුන නිසා, ෆාතිමා එළියට බැහැල බැලුවාලු, රිස්වානාලගේ ගෙවල් පැත්ත!....” 


“එයා දැක්කලු, පාරේ තියෙන ලයිට් කණුවක එළියෙන්, ඇතින් කෙනෙක් එනවා වගේ!....., ඒ එන්නේ, රිස්වානා තමයි කියලා හිතලා….. එයා, ගේ ඇතුලට ගිහින්, අරන් යන්න ඕනේ බඩු ටික අතට ගනිද්දිම, දොරට තට්ටු කරන සද්දේ ඇහුනලු!.... “මෙච්චර ඉක්මනට රිස්වානා අවේ කොහොමද?”.... “මම දැක්ක, ඔයා ගොඩක් ඇතින් පාරේ එනවා” කියලා කියාගෙනම, පරක්කු වෙලා තිබුන නිසා, ෆාතිමා බඩුත් අරන් එළියට බැහැලා, දෙන්නත් එක්කම, ගමනට පිටත් වෙලා….!” 


“යමින් ගමනුත්, ෆාතිමා අහනවලු රිස්වානාගෙන්, “ඇයි පරක්කු උනේ, අර තරම් ඉක්මනට අවේ කොහොමද” කියලා, රිස්වානා මුකුත්ම නොකියා, ෆාතිමාට කිට්ටුවෙන්ම, යනවලු පාරේ...... ටික දුරක් ගියාම, ෆාතිමා ලයිට් කණුවක් යට, ටිකකට නවතුනලු, මහන්සි අරින්න.... එතකොට, වට පිට බලද්දිලු එයා දැක්කේ, මෙතරමක් දුර, තනියම කතා කර කර, ඇවිල්ල තියෙන්නේ….රිස්වානා ළග නැහැ කියලා!”…. 


“එයා, බඩු ටික, ලයිට් කනුව යටින් තියල, පාර දිගේ ආපහු ටිකක් ඇවිදන් ගිහිල්ලා බැලුවාලු, රිස්වානාට කරදරයක් වෙලා, මග නැවතුනා වත්ද කියලා.... එහෙම යද්දී එයා දැක්කලු, ඇතින් කෙනෙක් එනවා හිමිට, පාර දිගේ!.....එයා හිතුවලු සමහර විට, රිස්වානට මහන්සි ඇති…. ඒ නිසා එයා, හිමිට එනවා ඇති…. නැත්තන් අසනීපයක් වෙන්න ඇති, කියලා!.... එයා රිස්වානා ලගට එනකන්ම, එතනට වෙලා හිටියලු….!” 


“විනාඩි පහක් වගේ ගිය තැන, රිස්වානා ආවලු ෆාතිමා ඉන්න කිට්ටුවටම..... එතකොට ෆාතිමා ඇහුවලු, “අසනීපයක්ද, නැත්තන් මහන්සි වගේද” කියලා ..... රිස්වානා මුකුත්ම නොකියා, ඔලුව දෙපැත්තට වැනුවා වගේ, දැකපු ෆාතිමා, එහෙනම් ඉක්මනට යමුයි කියලා, අයෙත් බඩු තියලා තිබුන, ලයිට් කනුව ලගට ඇවිත්, බඩු මලුත් උස්සගෙන යනවලු දෙන්නම….” 


“එත් ෆාතිමාට හිතට හරි නැහැලු, රිස්වානට මොකක් හරි අසනීපයක් තියාගෙනත්, බැ කියන්න බැරි කමට, අවා වගේද දන්නේ නැති නිසා!..... එයා ඇහුවලු රිස්වානාගෙන්, “මොකද ඔයාට, යන්න බැහැ වගේද” කියලා…... එකටත් උතරයක් නොදී, ෆාතිමා එක්කම, හිමිට එන රිස්වානා ගැන එවෙලේ, අමුතු බයක් ෆාතිමට ඇති උනාලු .... එයාට මතක් උනාලු, එවෙලේ ගෙදරින් එළියට බැස්සත් හරි, රිස්වානාගේ මුණවත්, එයා දැක්කේ නැහැනේ කියලා!....” 


“එයා ඉස්සරහට එන ලයිට් කණුවක් ලගදි, රිස්වානාගේ මුණ බලනවා කියලා හිතාගෙන, අඩිය ඉක්මන් කරලා, අනිත් ලයිට් කනුව ලගට ගිහින්, බඩු ටික බිමින් තියද්දි, දැක්කලු පාරේ තියෙන ලයිට් එළියෙන්, පිටිපස්සෙන් එන රිස්වානාගේ හෙවනැල්ල, පාර දිගට වැටිලා තියෙනවා!.... එක පාරටම එයා දැක්කේ, හෙවනැල්ලේ ඔලු දෙකක් තියෙනවා වගේලු!.... එයා හැරිලා බලද්දී, රිස්වානා එයාගේ පිටිපස්සෙන්, හිටගෙන ඉදලා …..!” 


“රිස්වානාගේ මුනේ, කිසිම වෙනසක් නැහැ කියලා, එවෙලේ ෆාතිමා දැක්කත්, කලින් දැකපු දේ නිසා බය උනත්, බය උන බවක් පෙන්නන්නේ නැතිව, බඩුත් අරන් අයෙත් යනවලු පාර දිගේ!....රිස්වානා, ෆාතිමාට අඩි දෙක තුනක් දුරින්, ඇවිද ගෙන ආවත්, ෆාතිමට දැනුනලු, රිස්වානා එයාගේ ඇගේ, ගැවිගෙන වගේ, ලගින්ම ඇවිදිනවා!.... එත් එක්කම, එයාට දැනුනලු එයාගේ බෙල්ලට, රිස්වානා අතක් තියෙනවා වගේ…..!” 


“එහෙම දැනුන හැටියේම, ෆාතිමා හැරිලා බලද්දි, එයා දැක්කලු, තමන්ට අඩි කිහිපයක්, දුරින් යන රිස්වානාගේ අත, රබර් එකක් වගේ, බෙල්ල ගාවටම ඇදිලා තිබිලා, එක පාරටම ඇදිලා යනවා වගේ!.... ඒ මදිවට එයා දැක්කලු, රිස්වානා හොරෙන් වගේ, එයා දිහා බලාගෙන ඉන්නවා කියලා ......! එවෙලේ නම් ෆාතිමා හොදටම බය උනත්, එයා බය උන බවක්, පෙන්නන්නේ නැතිව, හිත බය වෙලා හින්ද, දැකපු දෙයක් වෙන්න ඇති කියලා, හිත හදාගෙන, එයා රිස්වානාගෙන් ඇහුවලු, “අද මොකද අමුතුයි වගේ... ඇයි කතා නොකරන්නේ” කියලා!....” 


“එකටත් උත්තරයක් නොදීපු නිසා, ෆාතිමා තීරණය කලාලු, ඊලග ලයිට් කනුව යටදී, රිස්වානාගෙන්, උත්තර ලබා ගන්න, මුණ දිහා බලාගෙනම!.... ලයිට් කණුවට ලංවෙද්දි, ෆාතිමට දැනුනලු, රිස්වානා එන්නේ නැති බව, එයා එක්ක!....එයා ඉක්මනට, ලයිට් කනුව යටට ගිහිල්ලා, බඩු ටික තියලා, බලන් ඉන්නවලු රිස්වානා එනකන්!.... බලද්දී රිස්වානා අයෙත් හැරිලා යනවලු, පාර දිගේ…... බයෙන්, බයෙන්, මොකද මේ කියලා බලන්න, ෆාතිමා දුවලා වගේ ගියාලු, රිස්වානා ගේ පස්සෙන්.....!” 


“හදිස්සියේම පාරේ, එක කරුවල තැනකදී, රිස්වානාව පෙන්නේ නැතිව ගියාලු!..... ෆාතිමා එතනටම ගිහිල්ලා, වට පිට බලද්දී දැක්කලු, ටෝච් එකක් අරගෙන, පිරිමි කිහිප දෙනෙක් එනවා, පාරේ දිගේ...... එයා, ඒ දිහාවට දුවලා ගිහිල්ලා, විස්තරේ කෙටියෙන් කියලා, කට්ටියම එකතු වෙලා, රිස්වනවා හොයන්න අරගෙන….!” 


“ෆාතිමාගේ ගේ ළග පඩියේ ඉදලම, අවසානෙට ආපු තැනට වෙනකන්ම, පාරේ දිගටම, ලේ බින්දු වැටිලා තියෙනවා, රිස්වානාව හොයපු අය දැකලා තියෙන්නේ, පොළොවට ටිකක් එළිය වැටුනටත් පස්සෙලු! එදා එළි වෙද්දී, රිස්වනලගේ ගෙවල් කිට්ටුවම පාරේ, බෝක්කුවක් යට, වැටිලා තිබිලා, රිස්වානාගේ මිනිය හම්බ වෙලා තියෙනවා!.... 


එත් කිසි කෙනෙක්ට හිතාගන්න බැරි වෙලා, ඒ මිනියේ, හිස, නැති හේතුව මොකද්ද කියලා! ඊටත් වඩා පුදුම දේ, ඒ හිස, හම්බ වෙලා තියෙන්නේ, ෆාතිමා පාරේ දී, රිස්වානාව නැති වෙලා යනවා දැකපු, තැන කාණුවක වැටිලා තියෙද්දීලු!.....” 


"යාළුවගේ අම්මා ඊලග සතියෙම ලංකාවට ඇවිල්ලා, හේතුව නිදාගෙන ඉන්දැද්දී එයාගේ බෙල්ල මිරිකපු හොල්මනකට බය වෙලා... වැඩේ කියන්නේ යාළුවගේ අම්මා ලංකාවට එද්දිත් බෙල්ලේ ඇගිලි සලකුණු තද රතු පාටින් තිබුනලු!...."

0 comments:

Post a Comment