Sunday, September 3, 2017

White House අවතාර

මේ අපි කවුරුත් දන්නා ඇමෙරිකාවේ ජනාධිපත් නිල නිවස වන White House නැත්තන් ධවල මන්දිරයේ දකින්න
ලැබෙන හොල්මන් කීපදෙනෙක් ගැනයි! 


ප්‍රසිද්ධ භූතයන් ඉන්න ගොඩනැගිල්ලක් විදිහට ධවල මන්දිරය ටිකක් අලුත් වැඩි වගේ උනත් එහි පළමු භූත දර්ශනයවීම සිදුවෙලා තියෙන්නේ 1700 ගණන් වල. හරියටම කිව්වොත් 1797 දී ජෝන් ඇඩම්ස් (2වන ඇමෙරිකානු ජනාධිපති) ධවල මන්දිරයේ පදිංචියට පැමිණියේ ජනාධිපතිවරණය දිනීමෙන් පසු, බිරිඳ ඇබිගේල් සමගින්. ඔවුන් පදිංචිව හිටපු අවුරුදු 4දී (1797-1801) ජනාධිපති ආර්යාව රෙදි සෝදන හා වෙලාන කාමරය, (දැන් හැඳින්වෙන හැටියට East රූම්) එකේදී බොහෝවරක් දැකපු අමුතු කාන්තාවක් ගැන කියල තියෙනවා. මේ කාන්තාව ධවල මන්දිරයේ සේවිකාවක් හෝ වෙනත් අයෙකු නොවෙයි, කැප් එකක් සහ ලේස් සළුවක් පැළඳ සිටි මේ ගැහැණු කෙනා යම් කෙනෙකුව වැළඳ ගැනීමට වගේ දෑත විහිදාගෙන ඉන්නවා තමයි දැකල තියෙන්නේ. 
තවත් භූතයෙක් තමා ප්‍රසිද්ධ ඉඩම්හිමියෙකු වුනු ඩේවිඩ් බර්න්ස්. ඔහු ධවල මන්දිරය තිබෙන බිම්කොටස හා වර්තමාන වොෂින්ටනයට අයත් භූමියෙන් වැඩි ප්‍රමාණයක මුල් අයිතිකරු. තම නම කියමින් කෑගසන මොහුගේ කටහඬ Yellow oval room එක අසල ඇසී තියෙනව. 
ධවල මන්දිරේ වැඩියෙන්ම අමනුෂ්ය පරිගෘහිත (වචනේ බරපතලයි නේ? haunted කියමුකෝ එහෙනම් :D ) කාමරයක් වෙන්නේ Andrew Jackson කලින් පාවිච්චි කරපු Rose room. මෙයා කතාකරනවා ඇහිලා තියෙන්නේ ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා ගේ බිරිඳ මේරි ටොඩ් ට. මේ වැඩේ ගැන බොහොම උනන්දුවක් ඇතිකරගෙන තියෙනවා ඇය. තම මියගිය පුතුන් එක්ක කතාකරන්න séances හෙවත් මළගිය ආත්ම ගෙන්වන අවස්තාවලදී ළමයි වෙනුවට මේ හිටපු ජනාධිපතිගෙන් කලහකාරී පණිවිඩ ලැබුණු බව ඇය සඳහන් කර තියෙනවා (ඔහු කොහොමත් හරි පණ්ඩිත එක්කෙනෙක් ලු). 
අපි කවුරුත් අහල තියෙන ජනහිතකාමී ජනපති ඒබ්‍රහම් ලින්කන් ගේ අවතරයත් ධවල මන්දිරේ සැරිසරනවලු. ජනාධිපති Calvin Coolidge ගේ බිරිඳ ග්‍රේස් ඔහුගේ අවතාරය දැකපු මුල්ම අයගෙන් එක්කෙනෙක්. ලින්කන් වයිට් හවුසිය ඉස්සරහ මුලින් යුදපිටි වෙලා තිබුණු භූමි දිහා ඔහේ බලාගෙන සිටිනවා කීපවරක් ම දැක්ක බව ඈ සඳහන් කර තියෙනව. එලීනර් රූස්වෙල්ට් ජනාධිපති ආර්යාවත් රාත්‍රී කාලේ ලින්කන් නිදන කාමරේ ඔහු සිටිනවා දැක තිබෙනවා. වින්ස්ටන් චර්චිල් නානකාමරේ සිට එනවිට ලින්කන් ගේ අවතාරය ගිනි උදුනක් ලඟින් මතුවෙනවා දුටු බව සඳහන්. මහා රෑ නිදන කාමරේ දොරට තට්ටු කරන්නේ කවුදැයි බලන්න ගිය නෙදර්ලන්තයේ විල්හෙල්මිනා රැජින යටිගිරියෙන් කෑගහමින් සිහි නැතිවෙන්නේ එතන සිටගෙන ඉන්නේ ෆුල් කිට් (ටොප් හැට් එකත් එක්කම) එකෙන් සැරසුණු මියගිය ජනපති ලින්කන් බව දැකීමෙන්! මහා රාත්රිනයේ තම කාර්යාල කාමරේ ඉදන් සන්සුන්ව වැඩකරන මොහුගේ රූපය තවත් බොහෝදෙනෙක් දැක තියෙනවා. 
නොසිතපු වෙලාවක වෙඩිතබා මරා දැමුණු නිසා ලින්කන් ගේ ආත්මය තවමත් මේ ලෝකය සමග බැඳීම අතහැර ගන්න බැරිව නිවාස තුල සැරිසරනවා වෙන්න ඇති කියලයි මේ අය කියන්නේ.

0 comments:

Post a Comment